Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » බැසිල්ගේ සහ මහින්දානන්දගේ නඩු කල් යයි..! ජොනීට වෙන දේ මෙන්න


පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවි නැඟුම සංවර්ධන දෙපාර්මේන්තුවේ අරමුදලේ  මුදල්වලින් රුපියල්  දෙකෝටි අනූ හතර ලක්ෂයක් මුදලක් වැය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව යෙදු ලිත්  ලක්ෂ 50 ක් මුද්‍රණය කළ බවට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂක ජනරාල්  කිත්සිරි රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය  ලබන ජුලි 17 වැනිදා දක්වා කල් තැබීමට  කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග  මහතා අද (04) නියෝග කළේය.
 
මෙම  නඩුව කැඳවු අවස්ථාවේ විත්තිකරුවන් අධිකරණයේ  පෙනී සිටි අතර මෙම  නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කර ඇති නියෝගය ලබන 10 වැනිදා  දක්වා වලංගු වන බව පවසමින්  මෙම නඩුව කල් තබන්නැයි කළ ඉල්ලීමකට අනුව  මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය

ශ්‍රී ලංකා  නිදහස් කම්කරු කොංග්‍රසයට අයත් රුපියල් ලක්ෂ 35 ක මුදලක්  සාපරාධීව පරිහරණය කළ බවට හිටපු ඇමැති  මහින්දානන්ද  අලුත්ගමගේ මහතාට එරෙහිව නඩුව  විභාගය ලබන ජුනි මස 06 වැනිදා තෙක් කල් දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද(04) නියෝග කළේය.
 
නීතිපතිවරයා විසින් මෙම නඩුව  පවරා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඉදිරිපත් කළ යුතු සිය වත්කම් ප්‍රකාශ  2010 වර්ෂයේ සිට 2014 දක්වා කාලයක්  ඉදිරිපත් නොකළ බවට හිටපු ක්‍රීඩා ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට  එරෙහිව පවරා ඇති නඩු පහක විභාගය ලබන 23 වැනිදා  සිට ආරම්භ කිරිමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (04) නියෝග කළේය.
 
ඒ අනුව  සැක්කි කරුවන්ට අධිකරණෆය් පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමටද  මහෙස්ත්‍රාත් වරයා  වැඩිදුරටත් නියම කළේය.  

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply