Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » රනිල් මාව දකින්නවත් කැමති නෑ - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ව දැකීමටවත් අකමැති නිසා ෆේස්බුක් සටහනක් තබමින් තමන්ට අදාළ විනය පරීක්ෂණය කඩිනමින් පවත්වන ලෙසට ඇය විසින් ප්‍රකාශ කර තිබේ. 

"ගරු අග්‍රාමාත්‍යතුමනි, මා පිළිබඳව විනය පරීක්ෂණය ඉතා ඉක්මනින් සිදු කරන ලෙස ඉතා වුවමනාවෙන් ඉල්ලා සිටිමි. මන්දයත් ඒ සෑම චෝදනාවකට පිලිතුරු දීමට මා සැදී පැහැදී සිටමි. මාගේ පිලිතුරු සවන් දීමට ඔබ සුදානමින් ඇතැයි මා සිතමි. ඔබ සවන් දුන්නත් නැතැත් රටේ ජනතාව ඉතා වුවමනාවෙන් සවන් දෙන බව නොඅනුමානයි කියා මා හොඳින් දනිමි.
( මා මෙසේ ෆේස් බුක් හරහා පණිවිඩයක් තබන්නේ ඔබ මා සමග කතා කිරීමට ඇති අකමැත්ත නිසාවෙනි. කවුරුන හෝ් මේ පණිවිඩය දැක ඔබතුමාව දැනුවත් කරනු ඇතැයි මා සිතමි. ස්තූති.)" යනුවෙන් ඇය ප්‍රකාශ කර තිබේ.

පාරම්පරික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකාවක් වන හිරුණිකා පසුගිය මහමැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් විය. 

එජාප නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වත් විය යුතු බවට ගෙනයන අරගලයේ ප්‍රධාන නියෙමුවෙකු ලෙස හිරුණිකා ප්‍රේමචන්ද කටයුතු කරමින් සිටියි. 


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply