Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » රුපියල් 6ට මිල නියමවූ නවගත්තේගම ගොවීන්ගේ හීන කන්ද කාර්ගීල්ස් සමාගමෙන් ඉහළ මිලක්. ලාභය ඉක්මවූ මනුස්සකමේ කතාව (PHOTOS)



නවගත්තේගම ප්‍රදේශයේ වට්ටක්කා වගාකල ගොවීන්ට සිය අස්වනු විකුණාගැනීමට නොහැකිව ඉතා බරපතළ අර්බුදයකට මුහුණ පා ඇති බව පසුගියදා ජනමාධ්‍ය වාර්තා කලා.

කිලෝවක් රුපියල් 6 - 7 අතර මිල නියමවීම නිසා වට්ටක්කා වගා කල ගොවීන් ඉතා අසරණ වූ අතර ඒ පිළිබඳව රජයේ අවධානය යොමු වූයේද නැත. 

ගොවීන් පත්වී ඇති මෙම අසරණ තත්වය වටහා ගත් කාර්ගීල්ස් සමාගම කිලෝවක් රුපියල් 20 බැගින් වන මිලට වට්ටක්කා පලදාව සම්පූර්ණයෙන්ම මිලට ගැනීමට කටයුතු කර තිබේ.

තම ආයතනයට යම් අලාභයක් වන බව දැන දැනම සමාගමේ ඉහළ කළමනාකාරීත්වය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ, ගොවීන් මුහුණ දෙන ආර්ථික ගැටුම් පිළිබඳව සංවේදී නිසාය. 

මෙරට පැරණිතම සමාගමක් වන කාර්ගීල්ස් සමාගම ෆුඩ් සිටි සුපිරි වෙළඳ සල් ජාලය හරහා මෙරට පාරිභෝගිකයින්ට සහන මිලට අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය සපයනු ලබයි. 

නවගත්තේගම ගොවීන්ගෙන් මිලදී ගත් වට්ටක්කා පලදාව සිය පාරිභෝගිකයින් අතර කොන්දේසිවලට යටත්ව නොමිලේ බෙදා හැරීමටද කාර්ගීල්ස් සමාගම තීරණය කර ඇත.

වෙළඳ සමාගමක් සිය ලාභය ගැන නොසිතා සමාජයේ පීඩිත ජනකොටසක් වෙනුවෙන් තීරණ ගනු ලැබිම අප අගය කල යුතුය.


(මෙම ලිපිය කිසිදු ප්‍රවර්ධන පරමාර්ථයකින් පළ කරන ලද්දක් නොවේ. )




«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply