Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ආණ්ඩුවේ නව අමාත්‍ය කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට සියල්ල සූදානම් - 47ක්ව පැවති අමාත්‍යාංශ සංඛ්‍යාව 43ට බස්සයි. විජයදාසට සහ රවීට ඇමතිධූර. සිදුවන සියලු වෙනස්කම් මෙන්න.


ආණ්ඩුවේ නව අමාත්‍ය කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.
ආණ්ඩුවේ සියලුම ඇමතිවරුන්ට අද උදෑසන 9.30 වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටින ලෙසයි ජනාධිපති කාර්යාලයෙන් ඊයේ කැබිනට් අමාත්‍ය වරු්ට දැනුම් දී ඇත්තේ.

මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී විද්‍යාත්මක විෂය බෙදීමක් යටතේ අමාත්‍යාංශ නම් කරීම සිදුකර ඇති අතර, ඒ අනුව 47 පැවති අමාත්‍යාංශ සංඛ්‍යාව 43ට සීමාකර ඇති බවද වාර්තා වේ.

උසස් අධ්‍යාපන හා මහා මාර්ග ලෙස පැවැති අමාත්‍යාංශයක් මුදල් හා ජනමාධ්‍ය ලෙස පැවැති අමාත්‍යාංශයෙත් විෂයයන් වෙනස් වීමට නියමිතයි.
එමෙන්ම බුද්ධ ශාසන අමාත්‍ය ධුරය සඳහා වෙනම අමාත්‍යවරයෙකු පත්කිරීම පිළිබඳවත්, සමෘද්ධි විෂයය එක්සත් ජතික පක්‍ෂයේ අමාත්‍යවරයෙකුට ලබාදීම මෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය ධුරය වෙනස් කිරීමටද සාකච්ඡාවක් සිදුව ඇතැයි වාර්තා වේ.

තවද අධ්‍යාපන අමාත්‍යාංශය සතුව ඇති සංස්කෘතික අමාත්‍යාංශයේ විෂයයන් ඉවත් කර එම විෂයියන් සංස්කෘතික අමාත්‍යාංශයට යටත් කිරීම සිදුවනු ඇති බවද වාර්තා වෙයි.
ආණ්ඩුවෙන් ඉවත්ව මන්ත්‍රීවරුන් පිරිසක් විපක්‍ෂයට යෑම හේතුවෙන් හිස් වූ සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන, විද්‍යා හා තාක්‍ෂණ, වෘත්තීය පුහුණු, ක්‍රීඩා, කම්කරු හා වෘත්තීය සබඳතා, ආපදා කළමනාකරණ අමාත්‍ය ධුර සඳහා නව අමාත්‍යවරුන් පත්කිරීමට නියමිතයි.
මේ අතර, එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්කිරීමටද සාකච්ඡා වී ඇති අතර රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කරන අවස්ථාවෙදී ඔවුන්ද පත්කිරීමට නියමිත බව වාර්තා වෙන්නේ.

එක්සත් ජාතික පක්‍ෂයේ අමාත්‍යවරුන්ගේ සංශෝධනය මීට පෙර සිදු කළ හෙයින් මෙවර අමත්‍ය මණ්ඩල සංශෝධනයේදී විශාල වෙනස්කම් නොවනු ඇති බව එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළා.

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් හෙට(02දා) දිවුරුම් දීමට නියමිතයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply