Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » බුදු පිළිම වලට ලක්ෂ 32ක් බදු ගැසුවා යැයි කියූ සිදුවීමේ ඇත්ත කතාව මෙන්න..!


රුපියල් ලක්ෂ 32 ක තීරු බදු ගෙවීමට නොහැකිව ශ්‍රී ලංකා රේගු භාරයේ පැවති බුදු පිළිම 1000 බදු නිදහස් කර නිකුත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සකසන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ශ්‍රී ලංකා රේගුව වෙත දැනුම්දී ඇති බව වාර්තා වෙයි.
එහිදී අදාළ බුදු පිළිම නිදහස් කිරීම පමාවීම සම්බන්ධවද අමාත්‍යවරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් විමසා ඇති අතර එහිදී රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ බදු නිදහස් කර බුදු පිළිම නිදහස් කරන ලෙසට කිසිඳු ඉල්ලීමක් මෙතෙක් නොලැබීම හේතුවෙන් එම බුදු පිළිම නිදහස් කිරීමට හැකියාවක් නොවූ බවය.
එසේම බුදු පිළිම පමණක් නොව විදේශයක සිට මෙරටට ගෙන්වනු ලබන සීමිත ප්‍රමාණයක් හැර ඕනෑම භාණ්ඩයක් නිදහස් කිරීමට නම් ඊට අදාළ බදු මුදල් ගෙවිය යුතු බවත් එහිදී ජාතික සංඝ සම්මේලනය හෝ වෙනත් කිසිඳු පාර්ශවයක් වෙසක් පොහෝ දා පිංකමක් බව සඳහන් කර එම පිළිම තොගය නිදහස් කරන ලෙසට ලිඛිත ඉල්ලීමක් කර නොමැති බවද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අමාත්‍යවරයා දැනුවත්කොට ඇත.
රේගු අධ්‍යක්ෂවරයා සිදුකළ දැනුම්දීමට අනුව පසුව මංගල සමරවීර අමාත්‍යවරයා අදාළ පාර්ශව වෙත දැනුම්දී ඇත්තේ තීරු බදු සහනය ලබා ගැනීම වෙනුවෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකරන ලෙසය. එසේම එවැනි ඉල්ලීමක් නොමැතිව ශ්‍රී ලංකා රේගුවට බුදු පිළිම වුවත් නිදහස් කිරීමට නීතියෙන් ඉඩක් නොමැති බවත් , විෂයභාර අමාත්‍යවරයා වෙතින් අවශ්‍ය තීරු බදු සහනය නියමිත පටිපාටියට අනුව ඉල්ලා සිටියා නම් මේ වන විටත් පිළිම නිදහස් කර ඇති බවද මංගල අමාත්‍යවරයා එහිදී දන්වා ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply