Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » අහංගමට සංචාරයේ ආ නීති සිසුවියගේ ලක්ෂ 26ක් ඉවරයි..!



 සංචාරයක්‌ ස`දහා පැමිණ අහංගම හෝටලයක නතරව සිටි නීති ශිෂ්‍යාවකගේ රුපියල් විසි හය ලක්‌ෂ අසූ හතර දහස්‌ දෙසිය හැටක්‌ වටිනා රන් ආභරණ ද දේශීය සහ විදේශීය මුදල් තොගයක්‌ ද රාත්‍රී කාලයේ සොරකම් කර ඇතැයි අහංගම පොලිසිය පවසයි. 
 
 මෙම නීති සිසුවිය ඇයගේ මිතුරියක්‌ ද, මිතුරියගේ බ්‍රිතාන්‍ය ජාතික සැමියා ද සමග සංචාරය කරමින් සිටියදී අහංගම කන්ද ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලයට පැමිණ නතරව ඇත. 
 
 ඔවුන් සවස තුනයි තිහට පමණ හෝටලයෙන් පිටව ගොස්‌ වැලිගම ප්‍රදේශයේ සංචාරය කර රාත්‍රී දහයට පමණ නැවත පැමිණ කාඩ් ක්‍රීඩා කොට නින්දට ගොස්‌ ඇත. එහෙත් ඇය නින්දට ගොස්‌ ඇත්තේ දොරේ අ`ගුල නොදමාය. මේ අතර අළුයම එකයි තිහට පමණ අවදි වී බලන විට මුහුණ වසා ගත් පුද්ගලයකු කාමරය තුළ සිටිනු දැක තිබේ. ඒ සමගම ඔහු පිහියක්‌ පෙන්වා කෑ නොගසන ලෙසට තර්ජනය කොට පස්‌සෙන් පස්‌සට යන විට ඇය ඔහු එළියට තල්ලු කර දොර වසා යාබද කාමරයේ සිටි මිතුරියට හා ඇයගේ සැමියාට දුරකතනයෙන් සිද්ධිය පවසා ඇත. 
 
 පසුව ඔවුන් ද ඇයගේ කාමරයට පැමිණ සෝදිසි කිරීමේදී රුපියල් විසි හතර ලක්‌ෂ දහ නව දහසක්‌ වටිනා රන් ආභරණ ද මුදල් රුපියල් හැට දහසක්‌ ද රුපියල් දෙලක්‌ෂ පන් දහස්‌ දෙසිය හැටක්‌ වටිනා විදේශ මුදල් ද ඇතුලු රුපියල් විසි හය ලක්‌ෂ අසූ හතර දහස්‌ දෙසිය හැටක්‌ පමණ වටිනා දේපළ සොරකම් කර ඇති බව දැන ගැනීමෙන් පසු සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි කර තිබේ.
 
 සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ස`දහා අහංගම පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply