Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » ලෙස්ටර්ගේ රණ මයුරා 177 බස් එකේදී අල්ලයි..!


‍අභාවප්‍රාප්ත ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ අතුරුදන්ව තිබූ රණමයුර සම්මාන පදක්කම සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මාර්ග අංක 177 ඔස්සේ ධාවනය වන කඩුවෙල - කොල්ලුපිටිය බස් රථයක තිබී අදාළ සම්මාන පදක්කම සොයාගෙන ඇති බවයි.
 අදාළ  පුද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිස් ස්ථානයට දැනුම්දීමෙන් අනතුරුව පොලීසිය විසින් රණ මයුර සම්මාන පදක්කම සිය බාරයට ගෙන තිබේ.
අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ අවසන් කටයුතු සිදු කෙරුණු පසුගිය බදාදා දිනයේදී මෙම සම්මානය අතුරුදන්ව තිබුණි.
මේ සම්බන්ධයෙන් බම්බලිපිටිය පොලීසියට ලද පැමිණිල්ලකට අනුව පොලීසිය අංශ කිහිපයත් ඔස්සේ විමර්ශන ආරම්භ කළේය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply