Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ටාජ් සමුද්‍රා හෝටලයේදී කෝටි 10ක් අල්ලස් ගත් ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානියා අත්අඩංගුවට ගනී...!



ජනාධිපති ලේකම් කාර්‍යමණ්ඩල ප්‍රධානියා වන ආචාර්ය අයි.කේ.මහානාම මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී.දිසානායක මහතා අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් කෝටි 10 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් ලබා ගන්නා විට මෙලෙස මොවුන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ රථගාලේදී මෙම ගණුදෙනුව සිදුව තිබේ.

සීනි සමාගමක කොටස් කොටස් හුවමාරුවකට අදාළව මෙම ගනුදෙනුව සිදුව ඇති බව ද වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ කාර්‍යමණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කල රංජන් ධර්මවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු අයි.කේ මහානාම මෙම තනතුරට ජනාධිපතිවරයා විසින් පත්කරන ලද අතර ඔහු එම තනතුරට පත්වූයේ මීට සතියකට පමණ ඉහතදීය.

රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියගේ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කල අතර ජනවාරි අට විප්ලවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතා සමීපව කටයුතු කරන ලදි. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply