container කරූ ජයසූරියට දේශද්‍රෝහියෙක් කියූ විමල්ට, කරූ දුන්නු ඇඬෙන වචන ටික මතකද..? (VIDEO) - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » කරූ ජයසූරියට දේශද්‍රෝහියෙක් කියූ විමල්ට, කරූ දුන්නු ඇඬෙන වචන ටික මතකද..? (VIDEO)


පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග යෝජනා විවාදය බොහෝ දේශපාලකයින්ට සිය පරණ කෝන්තර පිරිමසා ගන්නට අපූරු අවස්ථාවක් තැනූ වේදිකාවක් විය.
මෙම විවාදයේ දී ඇතැම් කරුණු සාක්ෂි සහිතව පෙන්වා දීමේදී විවිධ අවලාද, මඩ භාවිතා කරමින් දෙපාර්ශවයේම අය එකිනෙකාට චෝදනා කරගත් අතර ඇමති ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා සිය කතාව පවත්වන අතරතුර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී විමල් වීරවංශ ෆීල්ඩ්මාර්ෂල්  ෆොන්සේකාට “කලවැද්දා” යයි කියා කෑ ගැසුවේය.
ඊට පිළිතුරු ලෙස ෆොන්සේකා “විමල්ගේ නිවසේ මියගිය තරුණයා සහ ව්‍යාඝ්‍රා ඕනේ කියා ඉල්ලන භූතයෙක්” ගැන මතක් කළේය.
එයින් ඉතාමත් අසරණ වූ විමල් වීරවංශ ඉන්පසු කටක් ඇරියේ නැත.
මේත් සමගම අපට මතක් වෙන ඉතා රසබර සිදුවීමක් ඇත.
ඒ ෆීල්ඩ්මාර්ෂල් සර්ත් ෆොන්සේකා අසාදාරණ ලෙස සිරගත කල කාලය අතරතුර ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි කරූ ජයසූරිය නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් යුත් මහත්මාට විමල් වීරවංශ විසින් දේශද්‍රෝහි ලේබලය අලවා කතා කල අවස්ථාවයි.
එහිදී කරූ ජයසූරිය විමල් වීරවංශට කතා කල වචන කිහිපය අදත් පාර්ලිමේන්තු ලොබියේදී මතක් කරමින් කතා කරනු ලබයි.
මේ එම අවස්ථාවේ වීඩියෝව පහතින්,


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply