container බ්‍රිතාන්‍ය හැරී කුමරාගේ පෙම්වතිය පැහැරගෙන යයි (PHOTOS) - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » බ්‍රිතාන්‍ය හැරී කුමරාගේ පෙම්වතිය පැහැරගෙන යයි (PHOTOS)


බ්‍රිතාන්‍ය හැරී කුමරාගේ පෙම්වතිය වන Meghan Markle පැහැරගෙනගොස් දින දෙකක් තිස්සේ රඳවා තබාගෙන තිබෙනවා.
ඒ බ්‍රිතාන්‍යය විශේෂ බළකාය විසින්.ඇය පැහැරගෙන ගොස් ඇත්තේ ආරක්ෂක පෙරහුරුවක් සඳහායි.ත්‍රස්‌තවාදීන් විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබුවහොත්, විශේෂ බළකාය විසින් Meghan Markle බේරාගැනීම සඳහා භාවිතා කරන උපක්‍රම ගැන දැනුම ලබාදීමටයි පෙරහුරුව පවත්වා ඇත්තේ.
එම අවස්ථාවට හැරී කුමරුද එක්ව ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ.පෙරහුරුවේ විශේෂත්වය වන්නේ පෙරහුරුව සඳහා ජීව උණ්ඩ භාවිත කොට තිබීමයි.
හැරී - මේගන් රාජකීය විවාහ මංගල්‍ය මැයි මාසයේ පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ.යුවළ මධුසමය සඳහා තෝරාගෙන ඇත්තේ අප්‍රිකානු රටක් වන නැමීබියාවයි.අප්‍රිකාවේ කාන්තාර සහ වනාන්තර ආශ්‍රිත සුඛෝපභෝගී කඳවුරු පවත්වාගෙන යන 'natural selection' නම් සංචාරක සමාගමක හැරී සහ මේගන්ගේ සංචාරය සැලසුම් කොට හමාරයි .
කෙසේ වෙතත්  බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විසින් හැරී කුමරුට නැමීබියාවේ  සංචාරය නොකරන ලෙසයි  අවවාද කර ඇත්තේ.ඔය අතරයි හැරීගේ පෙම්වතිය වන Meghan ''පැහැරගෙනගොස්'' ඇත්තේ.එම අවස්ථාවේ බවට දැක්වෙන ඡායාරූප අන්තර්ජාලයටද එක්කොට තිබෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply