Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » කිලිනොච්චියෙන් හදිසියේ මතුවූ එල් ටී ටී ඊ භූගත බංකරේ විස්තර මෙන්න (PHOTOS)



කිලිනොච්චිය,පලෙයි,අරසන්කේනි ප්‍රදේශයේ තිබි එල්.ටි.ටි. සංවිධානයට අයත් භූගත බංකරයක් ඊයේ(23) සොයාගෙන ඇති බව පලෙයි ආරක්ෂක අංශ පවසයි.
ඉඩමක අයිතිකරුවෙකු විසින් අතහැර දමා තිබු සිය ඉඩම පවිත්‍ර කරන අවස්ථාවක අදාළ භූගත බංකරය දැක ඇති අතර, අනතුරුව ඉඩම් හිමිකරු විසින් සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කොට ඇත.
සොයාගත් භූගත බංකරය අඩි 35 ක් පමණ ගැඹුරින් යුතු වන අතර, ඝන කොන්ක්‍රීට් තට්ටුවකින් වසා ඇති බවද පලෙයි ආරක්ෂක අංශ පැවසූහ.
එල් ටි ටි සංවිධානය ක්‍රියාකාරීව පැවති අවස්ථාවේ ගුවනින් හෙලන බෝම්බවලින් ආරක්ෂාවීම උදෙසා භූගත බංකර රැසක් කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයන්ගේ ඉදිකොට තිබිණ.
සොයාගත් බංකරයද එවැනි ආකාරයේ බංකරයක් වන බවට ආරක්ෂක අංශ සැක පළ කරති.
සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply