Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » ජනාධිපතිතුමා මගෙ පියාගෙ වයසේ... මාව අමු අමුවේ සමූහ දූෂණයට ලක්කලා ... ජනපති සමඟ එංගලන්තයට ගිය ගිහානි කියන ආන්දෝලනාත්මක කතාව මෙන්න. (PHOTOS)


ලන්ඩන් නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩල ආර්ථික සමුළුව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මාතෘකාව බවට පසුගියදා පත් වුණේ වෙන කිසිවක් නිසා නොව එක් ගැහැනියක නිසා බව අමුතුවෙන් කිව යුතු කරුණක් නෙමෙයි. ජනාධිපතිවරයා ගේ ආර්ථික උපදේශිකාවක ලෙස ගෙන ගිය ගිහානි වීරසිංහ නොමැති නම් ජනපතිගේ මනදොළ පිනවූ අභිසාරිකාවක ලෙස හංවඩු ගසමින් ලැව්ගින්න සමාජය උඩු යටි කළ අයුරු ද අපට රහසක් නොවේ.

ඇගේ අඩනිරුවත් ඡායාරූප ද හරි හරියට සමාජ ජාලා තුල සැරි සැරූ අයුරු ද අප දුටුවා. ඇත්තටම කවුද මේ ගිහානි? ජනාධිපති සමග ඇයට ඇති ඇයි හොඳයිය කුමක්ද? ජනපති ආර්ථික උපදේශිකාවක ලෙස පොදු රාජ්‍ය මණ්ඩලයේ ආර්ථික සැසියට රජයේ වියදමින් ගියා යැයි කියන ඇයට ඒ සදහා ඇති සුදුසුකම් මොනවාද? මොනවද මේ ඇගේ අඩ නිරුවත් ඡායාරූප?

ලොකු කුඩා සැම දෙනාටම මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නය එයයි. මේ ඇය සමග පුවත්පතක් කළ සාකච්ඡාවක්..

වෘත්තීය ඉංග්‍රීසි ගුරුවරියක ලෙසත් වසර හතකට අධික කාලයක් වී එෆ් එම් ගුවන් විදුලිය ව්‍යාපාර අධ්‍යක්ෂවරියක ලෙස සේවය කර ඇති ඇය රංගන ක්ෂේත්‍රයට පිවිස නිරූපණ කටයුතුවල ද මේ වනවිට නිරත වෙලා සිටිනවා.

ඇගේ ජීවිතය එහෙම පිටින්ම කණපිට පෙරළු මේ සිදුවීම ගැන ඇයගේම වචනවලින් අපට කිව්වෙ මේ විදියටයි.

"ඔව්" . මම පොදු රාජ්‍ය මණ්ඩලය ආර්ථික සමුළුවට ගියා. ඒත් ඒ රජයේ සතපහක මුදලකින් නොවේ. 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ආර්ථික සැසිවාරයට රාජ්‍ය නියෝජිතවරුන් වගේම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන් විශාල පිරිසක් සහභාගි වුණා. ශ්‍රී ලංකා  බ්‍රිතාන්‍ය ව්‍යාපාරික කවුන්සලය නියෝජනය කරමින් තමයි මම අපගේ ආයතනය සිසු නියෝජිතයන් පස්දෙනාගේ සමුළුවට සහභාගි වුණේ.

එහිදී ශ්‍රී ලංකාවේ ආයෝජනයට බලාපොරොත්තුවෙන් සිටින ව්‍යාපාරිකයන් පිරිසක් ජනාධිපතිවරයාට හඳුන්වා දීමත් මේ ගමනේ එක් අරමුණක් වුණා.
ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති ලෙස කටයුතු කරන්නේ මගේ සැමියා. එම ආයතනයේ මහජන සම්බන්ධතා උප සභාපතිනිය ලෙස කටයුතු කරන්නේ මම. මගේ හැදුනුම්පතින් මේ කොටස උපයෝගී කරගෙන තමයි මොවුන් මට මඩ ගහගන්න ගත්තේ. ඇත්තටම අපි රජය නියෝජනය කරල නෙමෙයි මේකට සහභාගි වුණේ. මේ ගමනට අපේ කණ්ඩායමට මිලියන පහකට වඩා වියදම් වුණා. ඇත්තටම මේ සැසිවාරයට එහෙම හිතුන හිතුන විදිහට කට්ටිය සහභාගී වෙන්න බෑ. මේ සමුළුවට සහභාගී වෙන්න එංගලන්තයට යන්න ලේසියෙන් එහෙම කෙනෙක්ට වීසා ගන්න බැහැ. අපේ ආයතනයට ආරාධනා පත්‍රයක් එවලා තිබුණා. ඒවා සහ අපේ නිවැරදි ලියකියවිලි, ලිපි ලේඛන ඉදිරිපත් කරලයි අපි වීසා ලබා ගත්තේ. අපි එංගලන්තයට ගිහින් නතර වුණේ හිල්ටන් හෝටලයේ. ඒ ජනාධිපතිවරයා එන්න දවස් දෙකකට විතර කලිනුයි අපි ගියෙ. ජනාධිපතිවරයාත් අපි හිටපු හෝටලයටම තමයි නතර වුණේ.

අපේ කණ්ඩායමේ දෙදෙනෙක් ජනාධිපතිවරයාගේ ළඟම හිතවතුන් දෙදෙනෙක්. ඉතිං මේ දෙදෙනා හරහා ජනාධිපති මුණගැහෙන ඩිලාන් චන්දිම සහ ලක්ෂ්මන් මන්ත්‍රීවරු තුන්දෙනා දවසක් ඒ හෝටලයට ආව. එයාලා ආවේ පෞද්ගලික වියදමින්. රජය නියෝජනය කරමින් එයාලව අරගෙන ගිහින් තිබුනේ නෑ. ඒත් එයාලට ජනාධිපති මුණගැහෙන ලැබුණේ නෑ. එදා ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාගේ උපන්දිනය බව අපි දැන ගත්තේ ඔවුන් අප සමඟ කතාබහක යෙදී සිටින විටයි. ඉතිං ලංකාවෙ අය අපි රටකදී හමුවුණාම සුහදව කතාබහ කරනවා. ඒ අපේ කම අපිට තියෙන නිසා. ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ගේ උපන්දිනේ නිසා අපි ලන්ඩන් එයින් බැහැර තැනක හෝටලයකට ගිහින් කේක් කපලා ඒක සැමරුවා. අපි එතනදි පින්තූර ගත්තා. වීඩියෝ කලා අපි අනාචාරයේ ආවේ නැති නිසා අපේ ෆේස්බුක් ගිණුම්වල ඒ ඡායාරූප වීඩියෝ අපි පළ කළා. මෙන්න මේ වීඩියෝ සහ ඡායාරූප අරගෙන තමයි මට මඩ ගහන්න පටන් ගත්තේ. ජනාධිපතිවරයා එක් රැයකදී බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරික ප්‍රජාව අමතා විශේෂ දේශනයක් කළා. මේකට ශ්‍රී ලාංකීකයින් හා විදේශීය ව්‍යාපාරිකයන් විශාල සංඛ්‍යාවක් සහභාගී වුණා. කාන්තාව සියයකට අධික පිරිසක් සිටියා. එතැනදී ජනාධිපතිවරයා සමග ඡායාරූපයක් ගැනීමට මට අවස්ථාව ලැබුණා. මම විතරක් නෙමෙයි එතන හිටපු ගොඩක් ව්‍යාපාරිකයින්ගේ බිරිඳෑවරු ජනාධිපති සමග ඡායාරූප ලබා ගත්තා. ඉතින් ඒ ගනිපු ඡායාරූප තමයි අපි ෆේස්බුක් ගිණුමේ දැම්මේ. රටේ පාලකයා සමඟ ඡායාරූපයක් ගන්න අකමැති කෙනෙක් ඉන්නවා කියලා මම නම් හිතන්නේ නෑ.මේ පින්තූරය සමග ජනාධිපති ගේ නලගන විදිහට මාව හඳුන්වලා මට මඩ ගහන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි මගෙ හැඩරුව තියෙන ඩියානා සර්කොකායි කියන විදේශ නිරූපිකාවකගේ අඩ නිරුවත් ඡායාරූප දමා ඒවා මගේ ඡායාරූප වග පවසමින් සමාජ ජාලා පැය හතළිස් අටක් තුළ දී මාව සමූහ දූෂණයට ලක් කළා කිව්වොත් නිවැරදියි.

මේ හැමදේටම එකම හේතුව මම ගැහැනියක් වීම.  මම මේ ගමනට ගියේ අපේ පෞද්ගලික වියදමින් අපේ ආයතනය නියෝජනය කරමින්.
ඒත් මාව වෛශ්‍යාවක් කරලා මාව කෙළෙසලා හීනෙකින්වත් නොහිතපු අපරාධයක් මගේ නම ඇන්දුවා මේ කුහක සමාජයේ මිනිස්සු.
ගැහැනිය කෙළි බඩුවක් කියල හිතන් ඉන්න තිරිසන් මිනිසුන් මගේ ජීවිතයට මකන්න බැරි තරම් කැළලක් එක්කලා.

මගේ තාත්තාගේ වයසේ සිටින ජනාධිපතිවරයා සහ මාව සම්බන්ධ කරල මේ තරම් පහත් තිරිසන් කතා හදලා ඔවුන් මාව අමුඅමුවේම දූෂණය කළා.
තව තවත් දූෂණය කරමින් ඉන්නවා" මේ ඇගේ කතාවයි ඇත්තටම ගිහානි දැඩි කම්පනයකින් පෙළෙමින් සිටින අයුරු ඇගේ වචන අතුරින් පැහැදිලි උනත් සමාජ ජාලා තමන්ගේ වෙබ් පිටු වල සැරිසරන පිරිස වැඩිකර ගැනීමට මෙවැනි ක්‍රියා වල නිරත වන බොහෝ විට සිදුවන ඛේදවාචකයක්.  කිසිවකුගෙන් චරිතයක් ඝාතනය කරමින් රසකර කර ඔවුන්ගේ ඇඳුම් එකිනෙක උනා දමමින් ඔවුන් කුණු රස හොයන සිංහලයාගේ ඔලු කුණු කන්දල් වලින් පුරවා මඩිය තර කර ගැනීමට මාන බලමින් සිටී. ඒ උකුසු ඇස් වලට මෙවැනි කතා ගොතා පළ කිරීමෙන් ලැබෙන වාසිය ද සුළුපටු නොවේ. එක් රැයකින් මොවුන් කෙනෙකුගේ ජීවිතය අමු අමුවේ අපායට ඇද දැමීම අමු අමුවේ මරා දැමීම දූෂණය කිරීම පිළිකුල් සහගතය. ගැහැනියක වූ පවට අද ඇය වන්දි ගෙවන්නේ ඒ අයුරිනි.

ඇයගේ මේ පෝස්ටු එකිනෙකා අතර හුවමාරු කරගත් හැමදෙනාටම තමන් නිවැරදි ගැහැනියකගේ රෙදි ගලවා දූෂණය කළ වරද පැටලෙන බව සිහි තබා ගත යුතුය.  ඇතුලේ චීත්ත ඇඳගෙන සිටින පිරිමි මෙවැනි නපුංසක ක්‍රියාවන්හි නිරත වීමේ ඛේදවාචකය අප දුටුවේ ඇයගේ බස් හරහාම  නොව ඇය ගිය මේ ගමන සියයට සියයක්ම නිවැරදි ගමනක් බවට සාක්ෂි 100% බලා ගැනීමෙන් අනතුරුවය.

හැම දිනකම ගැහැනිය කාගේ හරි ලිංගික භාණ්ඩයක් ලෙස රඟන තිරිසන් බෙලහීන සමාධියක් හමුවේ ඇය එක්වරක් නොව සිය දහස් වාරයක් අමුඅමුවේ දූෂණයට ලක් විය.

සුජාතාවක  කෙලෙසා දැමු දඩ බල්ලන් පිරිස හති හලමින් තවත් උඩු පුරමින් සිටින්නේ හෙට දිනයේ එලෙසම දූෂණය කරන්නේ කාව ද සොයා සතර දිග්භාගය වෙතම හිස හරවමිනි. මේ තිරිසන් සමාජ ක්‍රමය තියෙනතාක් කල් අද ගිහානිට වූ දෙය හෙට ඔබට වීමටද බැරි නැති බව සිහි තබා ගත යුතුය. කිසිදු වරදක් නොකළ සිය සැමියා ද සමඟ රාජකාරි සංචාරයක නියැළුණු පතිනියක එක් රැයකින් වෛශ්‍යාවක් කළ සමාජ ජාලා එහි වගකීම භාර ගන්නේ නම් නැත. එසේ භාර ගත්තද ඇයට කළ ඒ රුදුරු විනාශය කැළල යළි අකා මකා දැමීමට කිසිවෙකුට හැකිද?




«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply