Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » රැජිනගේ දශක හයක අමුතු මතක..(photos)


බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත්  රැජින එරට ඉතිහාසයේ දීර්ඝතම කාලයක් කිරුල දැරූ රාජ්‍ය නායිකාව ලෙසයි ඉතිහාසයට එක්ව ඇත්තේ.
1926 අප්‍රේල් 21 ලන්ඩනයේ දී උපන් ඇය අද 92වන උපන් දිනය සමරනවා.
එලිසබත් රැජින: දශක හයක පිය සටහන්
1952 : පියතුමන් වූ හයවැනි ජෝර්ජ් රජුගේ  අභාවයෙන් පසු රාජ්‍යත්වයට පත්වූ දිනට පසු දින ශෝකය පළ කිරීමේ කළු පැහැති ඇඳුමින් සැරසුණු දෙවන එලිසබෙත් රැජිණ ලන්ඩනයේ "ක්ලැරන්ස් හවුස්" මන්දිරයට පැමිණි මොහොතේ රැස්ව සිටි ජනතාවට ආචාර කළ ආකාරය.
එවකට 25 වියේ පසුවූ එලිසබෙත් කුමරිය රජු මියයද්දී සිටියේ සැතපුම් දහස් ගණනක් එපිට කෙන්යාවේ ය.
--------------------------------------------------------
1953 : "වෙස්ට්මිනිස්ටර් ඇබේ" දේවස්ථානයේ දී ඔටුනු පැළඳවීමෙන් පසු දෙවන එලිසබෙත් රැජිණ. ඇය හිස දරා සිටින්නේ සාන්ත එඩ්වර්ඩ් කිරුළයි.
--------------------------------------------------------
1954 : චාර්ල්ස් කුමරු සහ ඈන් කුමරිය සිය දෙමාපියන් සමග. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල චාරිකා කිරීමෙන් පසු සියරට පැමිණි දෙවන එලිසබෙත් රැජිණ සහ එඩින්බරෝ ආදිපාදවරයා බකින්හැම් මාලිගයේ සඳලුතලයට පැමිණි මොහොත
--------------------------------------------------------
1957 : දෙවන එලිසබෙත් මහ රැජිණ සිය පළමු නත්තල් පණිවුඩය සඳහා ජාතිය ඇමතීමෙන් පසු සන්ද්රිංහැම් පුස්තකාලය තුළ. ඇය අත දරා සිටින "පිල්ග්රීම් ප්රෝග්රෙස්" නම් ග්‍රන්ථයේ වාක්‍ය කිහිපයක් ඇය තම පණිවුඩය සමග ජනතාව වෙත උපුටා දැක්වුවාය.
--------------------------------------------------------
1960 : බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලන ඉතිහාසයේ වසර 103 ට පසු කිරුළ දරමින් සිටි දෙමව්පියන්ට උපන් පළමු දරුවා බවට පත් වූ ඇන්ඩ්රූ කුමරු සිය මව දෑතේ.
--------------------------------------------------------
1966 : දෙවන එලිසබෙත් මහ රැජිණ 40 වැනි උපන්දිනය යෙදුනු දිනයේ පාර්ලිමේන්තුව විවෘත කිරීමට පැමිණි මොහොත. ඇගේ පාලන කාලය තුළ ඇයට සහභාගීවීමට නොහැකි වී ඇත්තේ උත්සව දෙකකට පමණි. ඒ 1959 දී සහ 1963 දී ඇය ගර්භිණී ව සිටිද්දීය.
--------------------------------------------------------
1969 : කාඩිෆ් මාලිගාවේ පැවති උත්සවයක දී චාර්ල්ස් කුමරු වේල්සයේ කුමරු ලෙස අභිෂේක කළ මොහොත. සැබවින්ම ඔහු එම පදවියට පත්කරන ලද්දේ වයස අවුරුදු නමයේ දී වුවද එහි වැදගත්කම ඔහුට වැටහෙන වයසට එළැඹෙන තුරු උත්සවය පමා කෙරිණි.
--------------------------------------------------------
1977 : සති 10 ක කාලයක් තුළ රටවල් 36 ක සංචාරය කරමින් දෙවන එලිසබෙත් මහ රැජින රාජ්‍යත්වයට පත් වී වසර 25 සැපිරීම සැමරුවාය.
--------------------------------------------------------
1983 : දෙවන එලිසබෙත් රැජිණ සහ එඩින්බොරෝ ආදිපාදවරයා නවදිල්ලි මාලිගයේ දී ඉන්දීය ජනපති සයිල් සිං හමුවූ මොහොත. ඇය මේ වනවිට රටවල් 129 ක සංචාරය කර ඇති නමුත් ඇයට ගමන් බලපත්‍රයක් නැතැයි පැවසෙන අතර එයට හේතුව වී ඇත්තේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ ඇගේ නමින් වීමයි.
--------------------------------------------------------
1984 : එලිසබෙත් රැජිණ ගේ මව් තුමිය, විලියම් කුමරු, හැරී කුමරු, වේල්සයේ කුමරා සහ කුමරිය එක්ව ගත් සේයාරුවක්. මහ රැජිණට මුණුපුරන් අට දෙනෙකු සහ මී මුණුපුරන් පස් දෙනෙකු සිටී.
 --------------------------------------------------------
1991 : දෙවන එලිසබෙත් රැජිණ බකිංහැම් මාලිගයේ සංගීත කාමරය තුළ G7 කණ්ඩායමේ රාජ්‍ය නායකයන් හමුවූ මොහොතක්.
--------------------------------------------------------
1992 : වින්ඩ්සර් මාලිගයේ ඇති වූ ගින්න පරීක්ෂා කිරීමට පැමිණි එලිසබෙත් රැජිණ
--------------------------------------------------------
2006 : බකිංහැම් මාලිගයේ "රීජන්සි" කාමරය තුළ තම 80 වැනි උපන්දිනය වෙනුවෙන් ලැබුණු සුභපැතුම් පත් පිරික්සන දෙවන එලිසබෙත් රැජිණ.
--------------------------------------------------------
2007 : දෙවන එලිසබෙත් රැජිණ සහ එඩින්බරෝ ආදිපාදවරයා ඔවුන් 1947 දී විවාහ වී තම පළමු රාත්‍රිය ගත කළ හැම්ප්ෂයර් ප්‍රාන්තයේ බ්‍රෝඩ්ලන්ඩ් හි සංචාරය කළ මොහොත.
--------------------------------------------------------
2015 : සැප්තැම්බර් 9 වෙනි දින දෙවන එලිසබෙත් රැජිණ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වැඩිම කාලයක් රාජ්‍යත්වය දැරූ රාජ්‍ය නායිකාව බවට පත්වුවාය.
--------------------------------------------------------
2018: පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අමතමින් - ලන්ඩනය

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply