Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » මරණයට පණ දුන් අවමංගල සේවා සමාගම් අධ්‍යක්ෂකවරුන්ගේ මංගල ඡායාරූප මෙන්න... (PHOTOS)

සිංගප්පූරුවේ Direct අවමංගල සේවා සමාගමේ අවමංගල්‍ය අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු වන ජෙනී ටේ සහ ඩැරන් චෙං යුවළ ඔවුන්ගේ මංගල ඡායාරූප රූගත කිරීමේ තේමාව ලෙස යොදා ගත්තේ ඔවුන්ගේ රාජකාරියට අදාළ වූ මරණය ලෙසයි සඳහන් කරන්නේ.
"අපට අවශ්‍ය වුනේ අප දෙදෙනාටම අදාළ වූ අර්ථවත් තේමාවක්" යනුවෙනුයි ටේ පවසා ඇත්තේ.යුවළගේ විවාහ මංගල තේමා පාඨය වූයේ "මරණය අප වෙන්කරන තුරු" යන්නයි.
මේ තේමාව සමහරෙකුට උපහාසාත්මක හැඟීමක් ඇතිකල නමුත් එය ඔවුන්ගේ සම්බන්ධතාවය හා ජීවිතය පිළිබඳ ඔවුන්ගේ දැක්ම පිළිබිඹු කරන්නක් ව තිබෙනවා.
"දිනපතා දුකින් පසුවන පවුල් රාශියක් අපට හමු වෙනවා. පවුලක සිදුවන මරණයක් එම පවුල එකිනෙකාට කෙතරම් සමීප කරනවාද යන්න අපි අත්දැකීමෙන් දන්නවා. අපි හිතන්නෙ මරණය තමයි හැමෝටම ජීවිතය ගැන ආදරයක් ඇතිකරවන්නේ. ඒ අවබෝධය අපේ ජීවිත හොඳින් හැඩගසා ගැනීමට ඉවහල් උනා" යයි ටේ පැහැදිලි කර තිබෙනවා.
මීට අමතරව, එකිනෙකා මරා දැමීමට සටන් කරන අඹුසැමි යුවළක් ගැන කියවෙන ජනප්‍රිය "Mr. & Mrs. Smith" චිත්‍රපටයේ සමහර දර්ශනද ඔවුන්ගේ මංගල චායාරූප සඳහා යොදාගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, ටේ හා චෙං ට බොහෝ දෙනා ඔවුන්ගේ "නිර්මාණාත්මක" මංගල ඡායාරූප වලට කැමති වූ බව දැනගන්නට ලැබුණ අතර, ඒවා "Straits Times" පුවත්පතේ ෆේස්බුක් පිටුව හරහා ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අදහස් දැක්වූවන්ගෙන් 95% ක් පමණ යහපත් ප්‍රතිචාර දක්වා තිබූ බවයි ඇය තව දුරටත් පවසා සිටියේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply