Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » "මගේ හෙළිකොප්ටරය ගුවන් ගත කරන්න අවසර දෙන්න" නිර්මාණ කළ පාසල් සිසුවා බලධාරින්ගෙන් ඉල්ලයි (PHOTOS)


මෙරට පාසල් සිසුවෙකු විසින් කළ නිර්මාණයක් පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල විලයාය මධ්‍ය මහ විද්‍යාලයෙන්. ඒ නව නිර්මාණ යටතේ එම පාසලේ උසස් පෙළ තාක්ෂණික අංශයේ ඉගෙනුම ලබන හිරන්ත නම් සිසුවාගේ නිර්මාණයක්. එම සිසුවා විසින් පුද්ගලයන් සිව්දෙනෙකු ගමන් කළ හැකි ආකාරයේ හෙළිකොප්ටර් යානයක් නිර්මාණය කර තිබෙනවා. ඊට අවශ්‍ය සියළුම තාක්ෂණික උපාංග ඊට ඇතුළත් කර ඇති බව සඳහන්. පාසලේ පැවති තාක්ෂණික ප්‍රදර්ශනයක් සඳහා මෙම සිසුවා විසින් මෙම හෙළිකොප්ටර් යානය නිර්මාණය කර තිබෙනවා. 

මෙම හෙළිකොප්ටර් යානය නිර්මාණය කිරිම සඳහා මාස තුනක කාලයක් එම සිසුවාට ගතව ඇති අතර ඒ සඳහා තාක්ෂණික මෙවලම් ලෙස පරිගණක කොටස් යොදාගෙන ඇති බව සඳහන්. ඊට අමතරව යකඩ,තහඩු සහ මහන මැසින්වල කොටස් යොදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.  මෙම සිසුවා මෙයට පෙර ද වෙනස් ආකාරයේ නව නිර්මාණ රැසක් සඳහා දායක වී ඇති බව සඳහන්.  තමන් විසින් නිර්මාණය කළ හෙළිකොප්ටර් යානය ගුවන් ගත කිරිම සඳහා අවශ්‍ය කටයුතු කර දෙන ලෙසයි එම සිසුවා බලධාරින්ගෙන් ඉල්ලා ඇත්තේ.

කෙසේ වෙතත් මෙම නිර්මාණය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු දැන ගැනීම සඳහා අරලගංවිල විලයාය මධ්‍ය මහ විද්‍යාලයේ විදුහල්පති ඩී.ඒ.ඩී.රත්නසිරිගෙන් විමසීමක් කළා. විදුහල්පතිවරයා කියා සිටියේ මොහු පාසලේ දක්ෂ  සිසුවෙකු බවයි. ඔහුගේ තාක්ෂණ විෂය භාර ගුරුවරයාගේ උපකාර මධ්‍යයේ තනිවම මෙම සිසුවා අදාළ හෙළිකොප්ටර් යානය නිර්මාණ කර තිබෙන බවද ඔහු සඳහන් කළා. තමන්ගේ පාසලෙන් මෙවැනි නිර්මාණකරුවෙකු බිහි වීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා සිය සතුටද පල කර සිටියා.

එම සිසුවාගේ ඉළක්කව වී ඇත්තේ තමා විසින් නිර්මාණය කළ යානය ගුවන් ගත කිරිමට බවත් ඊට අවශ්‍ය පසුබිම ඔහු විසින් අධ්‍යනය කරමින් සිටින බවද විදුහල්පතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply