Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ඇති හැකි මිනිස්සු,නැති බැරි මිනිසුන් සමග ජීවත්වීම බෙදාගත් අවුරුදු පින්කම - (PHOTO)




අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හුරුලුනිකවැව, රත්මල්වැටිය ග්‍රාමයේ අසරණ පවුලක් වෙත නව නිවසක් සකසා දෙන ලදී. ස්වාමිපුරුෂයා අතහැර ගොස් ජීවත්වීමට වාසස්ථානයක් නොමැතිව අසල්වාසීන්ගේ නිවෙස්වල රැය දවාල ගෙවමින් දරුවන් දෙදෙනා සමග ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරමින් සිටි මවකට හා දරු දෙපලකට රුපියල් ලක්ෂ දාහතරක් පමණ මුදලක් වැය කොට, ඉදි කළ නව නිවස සිංහලේ අපි ජාතික සංවිධානයේ ගරු සභාපති පූජ්‍ය ජඹුරේවල චන්දරතන හිමියන්ගේ හා මහ ලේකම් පූජ්‍ය බටුවන ඥානිස්සර හිමියන්ගේ මූලිකත්වයෙන් එම පවුල වෙත 2018/04/5 දින උදෑසන 11:12ට යෙදුණු සුභ මොහොතින්, මහා සංඝරත්නයේ පිරිත් දේශනාවන් මධ්‍යායේ එම පවුල වෙත ලබා දෙන ලදී.

ව්‍යාපෘති අධ්‍යක්ෂක මාලිගාවිල සිසිලජෝති හිමියන්ගේ හා සභාපති සම්බන්ධීකාරක පූජ්‍ය පල්ලේබැද්දේ ප්‍රේමාලෝක හිමියන්ගේ අධීක්ෂණය යටතේ මීට වසරකට පමණ පෙර මුල්ගල් තබන ලද නිවස මෙසේ එම පවුල වෙත ලබාදීමේ අවස්ථාවට සංවිධානයේ භික්ෂූන් වහන්සේලා දහ නමක් පමණ හා දෙස් විදෙස් සමාජික සමාජිකාවන් රාශියක් සහභාගී විය.

මේ අවස්තාවේ කෙටි දේශනයක් පවත්වමින් සිංහලේ අපි ජාතික සංව්ධනයේ සභාපති ජඹුරේවල චන්දරතන හිමියන් තම සංව්ධානයේ හා එහි ක්‍රියාකාරීත්වය පිළිබදව මෙසේ පැහැදිලි කරන ලදි. සිංහලේ අපි ජාතික සංවිධනයේ අරමුණ වන්නේ සිංහල බෞද්ධයා සවිබල ගැන්වීමයි.සමාජ, ආර්ථික, දේශපාලන, ආගමික, සංස්කෘතික, වශයෙන් මිනිසුන් නගා සිටුවීමට අප මේ වසර දෙක තුළ විශාල සේවාවක් සිදුකර තිබෙනවා.මේ වසර දෙක තුළ අප දායකත්වය ලබා දුන් පස්වන ඉදිකිරීම තමයි මේ රත්මල්වැටිය ග්‍රාමයේදී අවසන් උනේ. සංව්ධානයේ ලෙස අපි සතුටු වෙනවා.

2018 සිංහල අලුත් අවුරුද්දට පෙර නිවස මේ පවුල වෙත ලබා දීමට ලැබීම ගැන. විශේෂයෙන් අලුත් අවුරුද්ද සමරන්න හැමෝට ම අවස්තාව නැ. රටේ බහුතරයක් මිනිස්සු ඉන්නේ හාමතේ. ඇති මිනිහට පිරෙන්න තියෙනවා. නැති මිනිහට නැත්තට ම නැ. එ නිසා අපිට අලුත් අවුරුද්ද නිමිතිකරගෙන සමාජයට පාඩමක් කියලා දෙන්න අවශ්‍ය උනා. එ පාඩම තමයි ” ඇති හැකි මිනිස්සු නැති බැරි මිනිස්සුත් සමග ජීවත්වීම බෙදා ගැනීමේ ” පාඩම. මම විශ්වසා කරනවා එ පාඩම මේ අවස්ථාවේ ඉතාම හොදින් සමාජයට කියා දුන්නා කියලා. බදා ගැනීම වෙනුවට බෙදා ගැනීම සමාජයට පුරුදු කළොත්, මේ වගේ මිනිස්සු අසරණ වෙලා අනුන්ගේ ගෙවල්වල පිලිකනු ගානේ දරුවොත් එක්ක නිදියන්න වෙන්නේ නැ. එ නිසා මිනිස්සු හැමෝට ම මනුස්සකම ගැන නැවත කියව ගැනීමක් කරන්න වෙනවා.

මේ වසර දෙකට අප දායකත්වය ලබා දෙන පස්වෙනි ඉදිකිරීම. මුල්ම ඉදිකිරීම වවුනියාව දිස්ත්‍රික්කයේ පාවක්කුලම, අවරන්තුලාව ගමේ ඉදිකළ මාතෘ සායන මධ්‍යස්ථනය. එයට සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් තුනම සේවය ලබා ගැනීමට පැමිණෙනවා.

අපි එම මාතෘ සායන මධ්‍යාස්ථනය ගොඩ නගන්න කලින් එ ගම්වල ගැබිනි අම්මලාට කිලෝමීටර් 17ක් පයින් යන්න සිද්ද උනා තමන්ගේ සායන කටයුතු සදහා. එතන අපි ජාතිවාදයක් ගැන හිතුවේ නැ. අපි හිතුවේ මිනිස්සු ගැන..

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply