Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » BUSINESS : හච් සහ එටිසලාට් දුරකථන සමාගම් එක් වෙයි!



හොංකොං මූලික කරගත් හචිසන් සමාගම සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය කේන්ද්‍ර කරගත් එටිසලාට් දුරකතන සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ඒකාබද්ධ කිරීම සඳහා එකඟත්වයකට පැමිණ ඇතැයි රොයිටර් පුවත් සේවය අද වාර්තා කලා.

ජංගම දුරකතන සේවා සැපයුම්කරුවන් හය දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වෙළඳපොළ ඒ අනුව සේවා සැපයුම්කරුවන් පස් දෙනෙකු දක්වා පහල වැටෙනු ඇත.

මෙම ව්‍යාපාර ඒකාබද්ධ වීමෙන් පසුව බිහිවන නව සමාගමේ බහුතර කොටස් හිමිකම සහ තීරණ ගැනීමේ අයිතිය හච් සමාගම සතුවන අතර ඊට අදාල බොහෝ කොන්දෙසි පවතින බවටද වාර්තා වේ. 

මිලියන 28ක පාරිභෝගිකයින් සංඛ්‍යාවක් සිටින ශ්‍රී ලංකා දුරකතන ග්‍රාහක වෙළඳපොලේ ප්‍රමුඛයා ඩයලොග් සමාගම වන අතර ඔවුන් විසින් මිලියන 12.8 ක පාරිභෝගිකයින් සංඛ්‍යාවකට සේවා සපයනු ලබයි. 

හච් සහ එටිසලාට් සමාගම් එක්වීමෙන් පසු ගොඩනැගෙන නව සමාගම ඩයලොග් සමාගමට සහ මොබිටෙල් සමාගමට දැඩි තරඟයක් දෙනු ඇතැයි ව්‍යාපාර විශ්ලේෂකයෝ මත පළ කරති. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply