Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » BREAKING NEWS : රනිල් වික්‍රමසිංහ විශ්වාසභංගය ජයගනී...! රටපුරා ජයගෝෂා




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කල විශ්වාසභංගය යෝජනාව මීට සුලු මොහොතකට පෙර පරාජයට පත්වුණා.

එහිදී විශ්වාසභංගයට පක්ෂව ජන්ද 76 ලැබුණු අතර විපක්ෂව 122 ලැබුණා.

මන්ත්‍රීවරු 26 දෙනෙකු ජන්දය දීමෙන් වැළකි සිටියා. යහපාලන ආණ්ඩුව රැකගනිමින් ඉදිරියට යාමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා විශ්වාස භංග යෝජනාව වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමට සහභාගී නොවූහ.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු  විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරති. 

මේ අතර දිවයින පුරා රතිඥඥා දල්වමින් එජාප පාක්ෂිකයින් මෙම ජයග්‍රහණය සමරන බවට වාර්තා වේ. 

අද උදෑසන 10 පටන් පැවති මෙම විශ්වාසභංගය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන ජීවිතයේ මුහුණදුන් බරපතළ අභියෝගයක් වූ අතර ඔහු එය සාර්ථකව කළමනාකරණය කිරීමට සමත්වී තිබේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply