Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » BREAKING NEWS : යහපාලනය ශක්තිමත් කරමින් ඉදිරියටම යන්න නිදහස් පක්ෂ බහුතරයකගේ සහාය ජනපතිට..!






තවත් පැය දෙකකින්, එනම් රාත්‍රී 9.30ට පැවැත්වෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජයන කරන බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ සහාය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවීමට නියමිත බව අතීශය විශ්වාසදායී ආරංචිමාර්ගයක් විසින් මීට සුලු මොහොතකට පෙර වාර්තා කලා.

රාජපක්ෂ කල්ලිය විසින් මෙම විශ්වාසභංගය ගෙන ඒමේ අරමුණ ආණ්ඩුව බෙදීමකට ලක්කර ඒ හරහා මීළඟට ජනාධිපතිවරයා ඉලක්ක කර දෝශාභියෝගයක් ගෙන ඒම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු බහුතරයකගෙ මතය වී ඇති අතර ඒ අනුව මන්ත්‍රීවරු විසි පස් දෙනෙකුට වැඩි පිරිසක් අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කරමින් දෝශාභියෝගයේදී ජන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබේ.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂා කරගනිමින් ඒ මහතාගේ දේශපාලන ගමන් මඟ ඉදිරියට ගෙන යාමට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවතත් හොරුන් අතර පත්වීම වැළැක්වීම සඳහාය. 

රාජපක්ෂවරුන්ගේ දේශපාලනය වෙනුවෙන් කුමන්ත්‍රණකාරීව නිදහස් පක්ෂය තුල කටයුතු කරන මන්ත්‍රීවරු 10 - 12 අතර ප්‍රමාණයකගේ සහාය දෝෂාභියෝගයට පක්ෂව හිමිවනු ඇති අතර ඔවුන් වහාම අමාත්‍යධූර වලින් ඉවත් කිරීමටද කටයුතු සූදානම් වෙමින් පවතී. 

කවරාකාරයට සීමාවන් යටතේ වුවත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරමින් යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනයනවා මිස එකෙකු නසා අනික ජයගැනීමට යාම දෙපාර්ශවයේම දරුණු කඩාවැටීමකට හේතු වනු ඇති බව ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු බහුතරය මතය වී තිබේ. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply