Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීමට සූදානම්?


හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරනය අද(06) නියම කළා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවන් විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

පසුගිය රජය සමයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට carrom board ඇතුළු ක්‍රීඩා ආම්පන්න මිලදී ගැනීමේදී රුපියල් කෝටි පහකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තමන්ව නීති විරෝධී ආකාරයට අත්අඩංගුවට ගැනීමට ගැනීමට සූදානම් වන බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණය හමුවේ සඳහන් කර තිබුණා.
මේ හේතුවෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමවැළැක්වීමේ නියෝගයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත නිකුත් කරන මෙන්ද මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා කියා සිටියේ පෙත්සම්කරු එල්ල කරන චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් කරුණු ඔහු විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අසමත්ව ඇති බවයි.
දණ්ඩ නිති සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව විමර්ශනයකින් අනතුරුව ප්‍රමාණවත් කරුණු අනාවරණය වන්නේ නම් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය පවතින බව පෙන්වා දුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් පෙත්සම්කරුගේ පෙත්සම නීතිමය පදනමක් නොමැති බැවින් ප්‍රතික්ෂේප කරන බව ද කියා සිටියා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply