Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » රනිල්ට බෑ කියලා පෝස්ටර් ගැහුවේ රනිල්ට පුළුවන් නිසා - මංගල


හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනපතිවරණ සටන ආරම්භ කරන අවස්ථාවේදි 'රනිල්ට බෑ'  යනුවෙන් මැතිවරණ පෝස්ටරයක්  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මැතිවරණ ව්‍යාපාරය විසින් පළකළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.

එසේ පෝස්ටරයක් නිර්මාණය කලේ රනිල්ට පුළුවන් නිසා බවත් විශ්වාසභංග යෝජනා විවාදයේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. 

එසේම මෙම විශ්වාසභංග යෝජනාවෙන් ඉලක්ක කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නොව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවද ඔහු පැවැසීය.

" විශ්වාසභංග යෝජනාවෙන් ඉලක්ක කර තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නොව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඔහු ගෙදර යැවීමට ඇති බාධාව රනිල් හා එක්සත් ජාතික පක්ෂයයි." 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply