කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට දිනයේ සිදු වීමට නියමිත බව රජයේ ප්‍රධාන අමාත්‍යවරයෙකු සඳහන් කළා.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඊයේ පැවති කැබිනට් හමුවේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි ඒ අනුව අද දිනයේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර හෙට දිනයේ දී මෙම කැබිනට් මණ්ඩල සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම අද පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අත්හිටුවා තිබෙනවා.
එහි මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ, මධ්‍යම කාරක සභාව පැවැත්වෙන නිශ්චිත දිනයක් මේ දක්වා තීරණය කර නොමැති බවයි.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය කෙරුනේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් 16 දෙනා අමාත්‍ය ධූරවලින් ඉවත් වීමට මධ්‍යම කාරක සභාවේ අනුමැතිය සම්බන්ධ තීරණය අද මධ්‍යම කාරක සභාව රැස්වී තීරණය කරන බවයි
No comments: