Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » අප්‍රිකා - ශ්‍රී ලංකා තරගාවලි කාලසටහන මෙන්න...


දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන අද ප්‍රකාශයට පත් කෙරුණා.
ලබන ජූලි 4 වනදා දිවයිනට පැමිණෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම එහිදී ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග 5කට සහ පන්දුවාර 20 - 20 තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතයි.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන ජූලි 12 වනදා ගාල්ලේ දීත්, දෙවන ටෙස්ට් තරගය ජූලි 20 වනදා කොළඹ SSC ක්‍රීඩාංගනයේ දීත් ආරම්භ වනු ඇති.
එක්දින තරග පහෙන් තරග 03ක් දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙනවා.
රංගිරි දඹුලු , මහනුවර පල්ලේකැලේ සහ කොළඹ ආර් ප්‍රේමදාස යන ක්‍රීඩාංගනවලදී එක්දින තරගාවලියේ සියලු තරග පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පන්දුවාර 20 - 20 තරගය අගෝස්තු 14 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply