Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ඇමරිකානු විශේෂඥයින් පිරිසක් හදිසියේ දිවයිනට



මුලතිව් මුහුදේ නිතරම සිදුවන බව කියන වෙනස්කම් ගැන අධ්‍යයනය කොට පරීක්ෂණයක් පැවැත්වීම සදහා ඇමරිකානු විශේෂඥයින් පිරිසක් මේ දිනවල මුලතිව් ප්‍රදේශයට පැමිණ සිටිති.
මීට මාස හයකට ඉහත සිට මුලතිව් වැසියෝ අවස්ථා ගණනාවකදීම මුලතිව් මුහුදේ ස්වභාවය වෙනස් බවද එහි ජල මට්ටම අඩි පහකින් පමණ ඉහල ගොස් ඇති බවද පැවසූහ.
තවත් වරක මුහුද ඉතා රළු වී එහි ජලය කාල වර්ණයෙන් යුක්ත බව කියමින් සුනාමියක් එනු ඇතයි අපේක්ෂාවෙන් දේව කන්නලව්වක්ද මුලතිව් මුහුදු වෙරළේදී පැවැත්වූහ. එක් දිනකදී මුහුද ගොඩට ගලාගෙන එන බව පවසා මුලතිව් වැසියෝ නගරයේ වෙළෙද සැල් ද වසා දමා ආරක්ෂිත ස්ථාන වලට ගියහ.
මේ සෑම අවස්ථාවකදීම මුලතිව් ආපදා කලමනාකාර කාර්යාලයේ නිලධාරී ගාමිණී ප්‍රියන්ත මහතා මුහුදේ තත්ත්වය සියළු දෙනාටම වාර්තා කිරීමට කටයුතු කළේය.
යාපනය විශ්ව විද්‍යාලයේ භූගෝල අංශයේ පිරිසක්ද කොළඹින් තවත් කණ්ඩායම් කීපයක්ද මුලතිව් ප්‍රදේශයට පැමිණ මේ සම්බන්දයෙන් පරීක්ෂණ පවත්වන ලද නමුත් විශේෂයෙන් යමක් වාර්තා කිරීමට නොහැකි බව ඔවුන්ගේ නිගමනය විය.
මේ තොරතුරු දැණුම් දීමෙන් පසුව ඇමරිකාවේ පරිසර හා භුගෝලීය වෙනස්කම් පිළිබදව පර්යේෂණය කරණු ලබන ආයතනයක විශේෂඥයින් පිරිසක් යාපනය විශ්ව විද්‍යාලයේ ආරාධනයක් මත මේ දිනවල මුලතිව් ප්‍රදේශයට පැමිණ සිටිති.
ඇමරිකානු විශේෂඥයින් පිරිස මුලතිව් අතිරේක දිසාපති කේ.තනපාලසුන්දරම්,ආපදා කලමනාකරණ නිලධාරී ගාමිණී ප්‍රියන්ත යන මහත්වරුන් සමග මුලතිව් මුහුදු කලාපයට ගොස් මේ වන විට මූලික පර්යේෂණ කටයුතු ආරම්භ කොට ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply