Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » මත්තලට ආ නියමුවා ලොකුම යානයෙන් නොගෙනා දෙයක් දුන් හැටි.... (photo)


ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා වර්ගය වන ඇන්ටනෝව් -225 පසුගිය 18 වනදා මත්තල ගුවන් තොටුපලට ගොඩබැස්සවූවා.
ඒ මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පාකිස්තානයේ කරච්චි නුවර දක්වා භාණ්ඩ තොගයක් රැගෙන යමින් සිටි අතරතුර.
යානයට ඉන්ධන ලබා ගැනීමට සහ කාර්ය මණ්ඩලයට විවේකය ලබා ගැනීම වෙනුවෙන් එදින පෙරවරු 6.35 ට පමණ යානය ගොඩබැස්සූ බවයි මත්තල ගුවන් තොටුපල කලමනාකාරීත්වය පැවසුවේ.
රුසියාවට අයත් ගුවන් යානාවක් වන මෙහි  කාර්ය මණ්ඩලය 27ක්.
එන්ජින් 6කින් යුතු යානයේ පියාපත් විහිදුම මීටර 88.4.
භාණ්ඩ රඳවන ඉඩකඩ මෝටර් රථ 80කට පමණ සෑහෙයි.
යානය පිටත්ව යාමට පෙර යානයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ උත්සවයක්ද මත්තල ගුවන් තොටුපොල විසින් සංවිධාන කර තිබුණා.
දින දෙකක් යානය නවතා තිබීම හේතුවෙන් රුපියල් මිලියන 15කට වැඩි ආදායමක් ලැබී ඇති බව  මත්තල ගුවන් තොටුපොළ කළමනාකරු උපුල් කලන්සූරිය මහතා සදහන් කළා.
රටට ලැබුණු ඒ ආදායමේ අගය තව තවත් වැඩි කරමින් Antanov 225 යානය පාකිස්තානයේ කරච්චි නුවර බලා නික්ම යාමට පෙර එහි ප්‍රධාන නියමු කපිතාන් දිමිත්‍රි  අන්තනොෆ් මත්තල ගුවන්තොටුපල ගැන අගනා සහතිකයක් ලබා දුන්නා. ඒ මාධ්‍යට අදහස් දක්වමින්.
" මෙවැනි විශාල ගුවන් යානයක් හැසිරවීම සඳහා වැඩි ඉඩක් අවශ්‍යයි.
 කාර්ය බහුල නොවූ මත්තල ගුවන් තොටුපොළ ඒ සඳහා නියමාකාරයෙන් වැදගත් වූවා."
මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න.....
මත්තල ගුවන්තොටුපල ගැන ඔබ තෘප්තිමත් ද?
අපගේ Antanov 225 යානය ඔඅබගේ ගුවන්තොටපලට පළමුවරටයි ගොඩ බැස්සවූයේ.
ඉතා සතුටුයි ඔබගේ ගුවන් තොටුපලට පැමිණීමට ලැබීම ගැන.
මෙය අවසන් වතාවත් නොවෙයි.
අපි මත්තල ඉදිරියේ දීත්  භාවිත කරාවි.
ඔබගේ ගුවන් තොටුපල ඉතා හොඳ එකක්.
හොඳ ගුවන් ධාවන පථයක් සහ වැඩි ඉඩ ප්‍රමාණයක් තිබෙනවා අපගේ යානය සඳහා.
මෙවැනි විශාල යානයක් ගොඩ බැස්සවීමට ගුවන් පථය ඉතාම යෝග්‍යයි
ලොව විශාල යානා මෙහෙයුම් සිදු කිරීමට මත්තල ගුවන්තොටුපලේ අවශ්‍ය පහසුකම් තිබෙනවා.
මත්තල කාර්ය මණ්ඩලය විශිෂ්ඨ සේවාවක් ලබා දෙනවා.
ඒ වගේම අපට මෙහිදී සෑම පහසුකමක්ම ලැබුණා
ඉතාම අගය කරනවා ශ්‍රී ලංකාවෙන් අපට ලබා දුන් උණුසුම් පිළිගැනීමට.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply