Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල අද ආරම්භ වෙයි.


ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලට (Olympic Games) පසු ලොව දෙවැනියට වැඩිම රටවල් සංඛ්‍යාවක්‌ සහභාගී වන ක්‍රීඩා උළෙල වන පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලේ (Commonwealth Games) 21 වැනි දිගහැරුම ඔස්‌ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්‌ට්‌හි පිහිටි කරාරා ක්‍රීඩාංගණයේදී අද (04) නිල වශයෙන් ආරම්භ වෙයි.
එය ඔස්‌ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්‌ට්‌හි වේලාවෙන් ප.ව. 08.00 ටත්, ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 03.30 ටත් පැවැත්වීමට නියමිතය. තරගාවලියේ ප්‍රධාන ආරධිතයන් ලෙස චාල්ස්‌ කුමරු සහ එම ආර්යාව සහභාගී වේ.
අවසන් පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙල 20 ක්‌ අතරින් ඔස්ට්‍රේලියාව සත්කාරකත්වය දරන පස්‌වැනි අවස්‌ථාව මෙය වේ. මීට පෙර සිඩ්නි (1938), පර්ත් (1962), බ්‍රිස්‌බේන් (1982) සහ මෙල්බර්න් (2006) යන නගරයන් විසින් අදාළ තරගාවලිය සඳහා සත්කාරකත්වය දරන ලදී.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 80 ක්‌ (ක්‍රීඩකයන් 51, ක්‍රීඩිකාවන් 29) දෙනා ඇතුළුව සමාරම්භක උළෙල සඳහා කණ්‌ඩායම් 71 ක්‌ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6500 කට අධික සංඛ්‍යාවක්‌ සහභාගී වේ.
පොදුරාජ්‍ය මණ්‌ඩලීය පදක්‌කම් ලාභී බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේ විසින් මෙවර ශ්‍රී ලංකා පිල මෙහෙයවනු ලබන අතර ඔහුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල ආචාර පෙළපාලියේ කණ්‌ඩායම් අනුපිළිවෙලට අනුව 42 වැනි ස්‌ථානයේ ගමන් කරනු ලබයි.
දින 11 ක්‌ තිස්‌සේ පැවැත්වෙන තරගාවලියේ ක්‍රීඩා 18 ක්‌ සහ පැරා ක්‍රීඩා 7 ක්‌ යටතේ පැවැත්වෙන ඉසව් 275 ක්‌ වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග වැදීමට නියමිතය. ඒ අතරට කාන්තා සහ පිරිමි ඉසව් 133 බැගින් සහ මිශ්‍ර ඉසව් 9 ක්‌ ඇතුළත් වන අතර ඉතිහාසයේ පළමු වතාවට කාන්තා සහ පිරිමි ඉසව් සමාන වී තිබීම කැපී පෙනෙන කරුණකි.
ගෝල්ඩ්කෝස්‌ට්‌ නගරයේ මෙතෙක්‌ ඉතිහාසයේ පවත්වනු ලබන සුවිශාලතම තරගාවලිය ලෙස සඳහන් වෙන 21 වැනි පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලේ සමාරම්භය දෘෂ්‍ය ප්‍රයෝග, විවිධ වූ නර්තයන් සහ සංගීත අංගයන්ගෙන් යුත් මනරම් එකක්‌ වනු ඇත.
පාපන්දු සහ රග්බි යන ක්‍රීඩාවන් උදෙසා ගෝල්ඩ්කෝස්‌ට්‌හි බෙහෙවින් ජනප්‍රිය ක්‍රීඩාංගණය වනුයේ කරාරා ක්‍රීඩාංගණයයි. එහි ප්‍රේක්‌ෂකයන් 35,000 කට අපහසුවකින් තොරව එකවර තරග නැරඹීමේ පහසුකම් පවතී. මීට ඉහතදී එහි ආසන සංඛ්‍යාව 25,000 ක්‌ වූ අතර මෙම තරගාවලිය වෙනුවෙන්ම තවත් ආසන 10,000 ක්‌ වැඩි කිරීමට තරග සංවිධායකයෝ කටයුතු යොදා ඇත. මේ වන විට සමාරම්භක උළෙල වෙනුවෙන් නිකුත් කර තිබූ ප්‍රවේශපත් වලින් සියයට 90 කට වඩා වැඩි සංඛ්‍යාවක්‌ අලෙවි වී තිබීම හේතුවෙන් අද දින කරාරා ක්‍රීඩාංගණය බෙහෙවින් කාර්යබහුලවනු ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply