Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » බැඳුම්කරේ ළුණු බිකක්.. ක්‍රිකට් තරග පාවාදීම්, විකිණිම්, එංගලන්තේ තෑගි ගෙවල්, ඉඩම් ගැන සියළු ෆයිල් මගේ ලග..- රන්ජන්



ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු වූ දූෂණ හා අක්‍රමිකතා ඉදිරියේදී හෙළි කරන බවත්, තරග පාවාදීම, සුපිරි ක්‍රීඩකයන් ඇමතිවරුන්ට නිවාස ලබාදීම පිළිබඳව මෙහිදී හෙළි කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.
මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව ඔහු ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක් වූ ඒ මහතා,
“ මා ළඟ තිබෙනවා මේ ගොල්ලෝ ක්‍රිකට් බෝඩ් එක හරහා හා ක්‍රිකට් ක්ෂේත්‍රය හරහා ගහපු ගැහිලි. බොන්ඩ් ස්කෑම් එක මොනවද? ළඟදී මට කියන්න බැරි මහත්වරු ගොඩක් එංගලන්තයේ සිට එනවා. අපි ළඟදී හම්බවෙනවා.
මම මුල ඉඳලා අදින්නම් ඩොලර් ලක්ෂ ගණන් ගහපුවා. මැච් විකිණීම, තරග පාවාදීම, සිම්බාබ්වේ මැච් එක ගැන. ක්‍රිකට්වල ටී.වී රයිට්ස් විකිණීම ගැන. කොහොමද ජාතික නාළිකාව තිබෙද්දී සී.එස්.එන්. එකට විකුණන්නේ. ඒවට එංගලන්තයේ තෑගි හැටියට ගෙවල් ලැබුණ ඒවා.
සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙලා හිටපු ඒ අය ක්‍රීඩා ඇමතිවරුන්ට ගෙවල් අරන් දීපුවා. කොළඹ ඉඩම් අරන් දීපුවා. වාහන තෑගි දීපුවා. මේ සියලු දේවල් ලිපි ගොනු සමග තිබෙනවා. මේ සියල්ලම ළඟදීම අණාවරණය කරනවා. ඒක පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. එෆ්.සී.අයි.ඩී, සී.අයි.ඩී, බ්‍රයිබරි කොමිෂන් එකට මේවා දීලා මේ ක්‍රිකට් හොරු ටික, ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරපු සූදුකාරයෝව, බුකී කාරයොන්ව බෙල්ලෙන් අල්ලලා සිරගත කරන වැඩපිළිවෙළ මම දියත් කරනවා.
ඒකට මට ක්‍රිකට් බෝඩ් එකේ කොන්ද පණ තියෙන, කශේරුකාව තියෙන නිලධාරීන්ගේ, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පූර්ණ සහයෝගය තියෙනවා. මාව විශ්වාස කරලා අදාළ ලිපිගොනු මට ගෙනත් දීලා තියෙනවා. අපි ළඟදීම හමුවෙනවා” යැයි පැවසීය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply