Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » සුනඛ බද්ද අනුරාධපුර මහ නගර සභාව අය කරයි...



අනුරාධපුර නගර සීමාවේ සිටින සියලුම සුනඛයින් වහා ලියා පදිංචි කිරීමට තමා ක්‍රියාමර්ග ගන්නා බවත් ඒ සඳහා ලියා පදිංචි ගාස්තුවක් ගෙවා වාර්තා පොතක් පවත්වාගෙන යාම අනිවාර්ය බවත්  නගරාධිපති එච්.පී.සෝමදාස මහතා පවසයි.

අයාලයේ යන සුනඛයින් හේතුවෙන් නගරයේ සාමාන්‍ය ජනතාවට මෙන්ම දිනකට දහස් ගනනින් නවාතැන් ගන්නා දෙස් විදෙස් සංචාරකයින්ට රාත්‍රි නින්දට බාදාවීම, රිය අනතුරු වීම, නගරය අශෝභන වීම හා පාරිසරික ප්‍රශ්න ඇතුළු  ගැටලු රාශියක් ඇතිවන බවට නිරන්තර පැමිණිලි ලැබෙන බවත් එම සතුන් ඇති කරන හිමිකරුවන් වගකීමෙන් මගහැරීම ප්‍රසිද්ධ රහසක් බවත් නගරාධිපතිවරයා කියාසිටියි.

අනුරාධපුර නගරය මූණ දෙන ප්‍රධාන සෘජු පාරිසරික ප්‍රශ්න දෙක වන අයාලයේ යන සුනඛයින් හා මදුරුවන් බෝවීම ගැන ඒ මහතා ගනු ලබන පියවර සම්බන්ධයෙන් කරන ලද විමසුමේ දී නගරාධිපතිවරයා මේ බව පැවැසී ය.

"නිවාසවල ඇතිකරන සෑම බල්ලෙකුම ලියා පදිංචි කළ යුතුයි.බොහෝ අය පැටව් බෝ වුණාම පාරට ගෙනැත් දානවා.

බල්ලන්ගෙන බදු ගන්නවා කියා ජනතාව දොස් කියාවි. කමක් නෑ.බදු ගෙවන්න සිදුවන නිසා ඇති කිරීමත් පාලනය වේවි. ඒ වගේම අති කරනවානම් හරියට ඇති කරාවි.ඒ සඳහා නගර සභාව පහසුකම් සපයනවා. පරිසරයට බල්ලන් අවශ්‍යයි.

මේ නිසා මේ පරිසරයට අව්‍ය ප්‍රමාණයට සුනඛ ගහනය පවතින ආකාරයට බෝවීම පාලනය කළ යුතු වෙනවා. ඒ සඳහා නගර සභාවෙන් එන්නත් කිරීම හා සැත්කම් කිරීම් ආදි පහසුකම් සපයනවා. ඒ වගේම ඔවුන් ලියාපදිංචි කරලා වාර්තා පොතක් පවත්වාගෙන යන්න ඕනෑ"  යැයි නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply