Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » හැම මඩක්ම මම ඩොලර් වලට හරවගත්තා...


මාජමාධ්‍ය තුළ වැඩිවශයෙන් කතාබහට ලක්වෙන පුද්ගලයෙක් තමයි ඉරාජ් වීරරත්න කියන්නේ. ඇතැමෙක් කියා සිටින්නේ ඉරාජ් ගොසිප් වලින් ගොඩ යන්න හදන කෙනෙකු කියලයි. නමුත් ඉරාජ් ගොසිප් ගැන දක්වන්නේ වෙනස්ම අදහසක්.
සමහර ගොසිප් සයිට් වලින් නම් ඇත්ත ප්‍රකාශ කරනවා. ඒ අතරින් සමහර ගොසිප් ඒ අයගේ  views වැඩි කරගන්න එක එක දේවල් දාලා කලාකරුවන්ට මඩ ගහනවා. කලාකරුවන්ව විකුණගෙන කන සයිට් තමයි ඒ. සමහර සයිට් likes හිඟාකනවා. ලංකාවේ ඉන්න කලාකරුවන්ට කලාකාරිනියන්ට මඩ ගහන එක තමයි සමහර ගොසිප් සයිට්වල තියෙන ලොකුම රජකාරිය වෙන්නේ.
ගොසිප් සයිට් වලින් ලංකාවේ ඉන්න කලාකරුවන්ට මඩ ගහනවා. හැබැයි ඔය ගොසිප් සයිට් වලින් ඒ අයවත් අවුස්සලා ඒ අයට අනිත් පැත්තට ප්‍රතිප්‍රහාර ගහලා මුදල් හම්බ කළේ මම හිතන්නේ මම විතරයි. මම ගොසිප් සයිට්වලින් මඩ ගහන හැම මඩ ප්‍රහාරවලටම ඒ අය නොදැනුවත්වම මට මුදල් හම්බකරලා දීලා තියෙනවා. 
මගේ මියුසික් වීඩියෝවලට ඔය ගොසිප් සයිට් පුදුම විදිහට මඩ ගහනවා. සමහර වෙලාවට එක post එකකට ඒ අයට ඩොලර් 200 විතර ලැබෙනවා. ඒ වගේම විශාල මුදලක් ඒ අයව අවුස්සලා මගේ වීඩියෝවලට දාගන්නවා. ගොසිප් සයිට් වලින් ඒ අය නොදැනුවත්වම ප්‍රයෝජනයට ගත්තු එකම කෙනා මමයි. ඒ අය මඩ ගැහුවා. මම ඒ මඩ සල්ලි කරගත්තා. මට බණින හැම මඩක්ම මම ඩොලර්වලට හරවාගත්තා. මට බණින හැම comment එකකටමත් මට සල්ලි ලැබුණා. මගේ මියුසික් වීඩියෝව මිනිස්සු අතරට ගෙනියන්න ඔය මෝඩ බොරු නම් වලින් කමෙන්ට් දාන ලංකාවේ ඉන්න නරි රැල මට උදවු කළා.”

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply