Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ෆේස්බුක් සඳහා මුදල් අයකිරීමේ සූදානමක්?



ෆේස්බුක් සමාජජාලය ලොව පුරා ඕනෑම අයෙකුට නොමිලේ භාවිතා කල හැකි සේවාවක්.

පසුගිය වසර කිහිපයේදී එම සමාගම ලැබූ සීඝ්‍ර වර්ධනය් නිසා එම සමාගමේ හිමිකරුවන් ලැබූ ආදායම ඉතා විශාලයි. 

සමාගමේ ප්‍රධාන ආදායම් මාර්ගය ෆේස්බුක් හරහා විවිධ දැන්වීම් පළකිරීමට පෙළඹෙන පාර්ශවයන් හරහා ලබන ආදායම වන අතර එහිදී ෆේස්බුක් භාවිත කරන්නන්ගේ දත්ත දැන්වීම් පළකරන්නන් වෙත සැපයීම හරහා වඩාත් සුදුසු පාරිභෝගික කණ්ඩායම හදුනාගැනීමට අවශ්‍ය සහාය දැන්වීම්කරු වෙත ලබාදීමට ෆේස්බුක් සමාගම කටයුතු කරනවා.

නමුත් පසුගිය සමයේදී මෙම දත්ත ඉතා වැරදි ආකාරයෙන් භාවිත වී ඇති බවට අනාවරණය වීමත් සමඟ මෙම ෆේස්බුක් දැන්වීම් පළකිරීමේ ස්වභාවයේ යම් වෙනස් කමක් සිදුකිරීමට ෆේස්බුක් සමාගම සූදානම් වෙනවා. 

ඒ අනුව මින් ඉදිරියට ඔබගේ දත්ත දැන්වීම්කරුවන්ගෙන් වසන් කිරීමටත්, ඔබට දැන්වීම් වලින් තොර ෆේස්බුක් භාවිතයක් සඳහාත් ෆේස්බුක් සමාගම වෙත යම් මුදලක් ගෙවීමට සිදුවනු ඇත.

ඔබ ෆේස්බුක් නොමිලේ භාවිත කරන්නේ නම් යම් ආකාරයකින් ඔබේ පෞද්ගලික දත්ත දැන්වීම් පළකරන සමාගම් වෙත සපයා ආදායමක් ඉපයීමට හැකිවන පරිදි ෆේස්බුක් සමාගම ඊට අදාල නෛතික අවසරයන් ලබාගැනීමට සැරසෙන බවද වාර්තා වේ. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply