Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » දුමින්ද නිසා යළිත් ගොවි ජනතාවට පෙර පරිදිම පොහොර සහනාධාරය..!



මෙවර යල කන්නයේ වී ගොවිතැන සහ අනෙකුත් වගාවන් සඳහාසහනාධාර මත පොහොර බෙදා හැරීම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.
මේ අනුව යූරියා, ත්‍රිත්ව සුපිරි පොස්පේට් (ටී.එස්.පී) හා මියුරියේට් ඔෆ් පොටෑෂ් (එම්.ඕ.පී) පොහොර කිලෝග්‍රෑම් 50 ක මිටියක් රුපියල් 500 බැගින් වී ගොවීන්ට ලබාදෙනු ඇත. අනෙකුත් බෝග වර්ග සඳහා සහන පොහොර ලබාදෙන්නේ කිලෝග්‍රෑම් 50 මිටියක් රුපියල් 1500 බැගින් බවත් රාජගිරියේ කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා කීය.

මෙම සහන පොහොර බෙදා හරිනු ලබන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථාන ගබඩා සහ ගොවි සංවිධාන විසින් අලෙවිකරනු ලබන වෙනත් ස්ථාන මගිනි.

සහන පොහොර ලබාගත හැක්කේ හෙක්ටයාර් 2ක උපරිමයට යටත්ව වී වගා කරන ගොවීන්ටය. ඔවුන් වී වගාව සඳහා පිදුරු හෝ කාබනික පොහොර භාවිතා කරන බව තහවුරු කළ යුතු අතර වී ගොවිතැන කරන කුඹුරු ඉඩම් පිහිටි ප්‍රදේශයට අදාළ ගොවි සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන තිබිය යුතු වේ.

මෙසේ සහන මිලට ගොවින්ට පොහොර ලබා දුන්නද වස විසෙන් තොර වගාවන් සඳහා කාබනික පොහොර ප්‍රචලිත කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාබනික පොහොර සඳහා වෙනම ඒකකයක්ද පිහිටුවා තිබෙන බවත් දුමින්ද දිසානායක මහතා පැවැසීය. එසේම රජයේ පාලනය යටතේ තිබෙන පොහොර සමාගම් මගින් කාබනික පොහොර බෙදා හැරීමට පියවර ගෙන ඇති බව ද කී ඇමැතිවරයා උක් වගාව සඳහා කාබනික දියර පොහොර ලීටර් ලක්ෂයක ඇනැවුමක් ලක් පොහොර සමාගමට ලැබී තිබෙන බව ද සඳහන් කළේය.
ගොවි සංවිධාන වලට රජයේ පොහොර සමාගම් දෙකේ නියෝජිත තනතුරු ලබාගෙන පොහොර බෙදා හැරීමේ කටයුතු වලට සම්බන්ධවීමට ඉඩ සලසා තිබේ. ඒ අනුව ගොවින්ට පොහොර අලෙවි කිරීමෙන් ගොවි සංවිධාන වලට අමතර ආදායමක් ලබාගත හැකි බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. 

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අජිත් පුෂ්පකුමාර සහ ලංකා පොහොර සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ රවි ක්‍රිෂාන් ජයවර්ධන යන මහත්වරුද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply