Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » කටාර් ආර්ථිකය බිද වැටීමට සෞදියෙන් දේශසීමා අසල ඇළක් ඉදි කිරීමට



කටාරය තවත් හුදෙකලා කිරීමේ ප්‍රධාන අරමුණින්, සෞදි කටාර් දේශසීමාවේ ඇළ මාර්ගයක් ඉදිකිරීමට සෞදිය සූදානම් වෙයි.
සෞසිය සහ කටාර් රාජ්‍යය අතර පසුගිය වසරේ ජූනි මාසයේ සිට අර්බුදයක් පවතී. ඒ, කටාර් රාජ්‍යයේ ප්‍රතිපත්ති සෞදියේ උදහසට ලක්වීම නිසාය.
කටාරය සහ සෞදිය එක ළඟ පිහිටි රාජ්‍යයන් දෙකකි. කටාර් අර්ධද්වීපය තුන් පැත්තකින් මුහුදින් වටවී ඇති අතර, එය එක් නොකකින් පමණක් ගොඩබිමින් සම්බන්ධ වන්නේ සෞදි අරාබියටය. සෞදිය, මෙම ඇළ මාර්ගය ඉදි කළොත්, රාජ්‍යය දූපතක් බවට පත් වනු ඇත.
සෞදිය සහ කටාරය අතර දේශසීමා පිවිසුම් මාර්ගයක් ඇති අතර, කටාර් රාජ්‍යය මුල්කොට ගනිමින් නිර්මාණය වුණු අර්බුදය හේතුවෙන් එය වසා දමා තිබේ.
ඇළ මාර්ගය කිලෝ මීටර් 60 ක් දිගින් යුක්ත වනු ඇති බවත්, මීටර් 15 ත් 20 ත් අතර ගැඹුරකින් යුක්ත වනු ඇති බවත් සෞදි රජය පවසා ඇත. ඇළ මාර්ගය ඉදිකිරීමට ඇමෙරිකන් ඩොලර් 750 කට වැඩි මුදලක් වැය වනු ඇතැයි ඇස්තමේන්තුගත කර තිබේ.
සෞදි රජයේ පමණක් නොව පෞද්ගලික අංශයේ ද සහාය මෙම ඇල මාර්ගය සඳහා හිමිවන අතර, ඉදිරි මාස කිහිපය ඇතුළත ඇළ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වනු ඇතැයි ද පැවැසෙයි.
ඒ අනුව, නැව් ගමනාගමන කටයුතු ද මෙම ඇළ මාර්ගය හරහා සිදුවනු ඇති බවත්, එය සෞදි ආර්ථිකයට විශාල වාසියක් අත්වනු ඇති බවත් පැවැසෙයි.
සෞදිය සහ කටාර් රාජ්‍යය අතර අර්බුදයක් නිර්මාණය වුණේ කටාරය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත්, අන්තවාදයට උඩගෙඩි දෙන බවටත් සෞදිය චෝදනා කිරීමත් සමඟය.
සෞදිය කටාරය සමඟ සියලු සබඳතා අත්හිටුවද්දී, සෞදියට සහාය පළ කරමින් කටාරයේ අසල්වැසියන් වන බහරේනය, ඊජිප්තුව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය කටාරය සමඟ සබඳතා සියල්ල අත්හිටුවා ඇත. එල්ල වන චෝදනා කටාරය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply