Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » මුරුංගා කිලෝවක මිල රුපියල් 600...


වවුනියාව වෙළඳපලේ මේ දිනවල මුරුංගා කිලෝවක මිල රුපියල් 600 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම කාලය මුරුංගා නොමැති අවාරයේ කාලයක් වුවත් මන්නාරමේ ගොවීන් හා වවුනියාවේ පළාත් කීපයක ගොවීන් සුළු පිරිසක් ජලය සපයා මුරුංගා වගා කොට ඒවායෙහි අස්වැන්න මේ දිනවල වවුනියාව වෙළඳපලට රැගෙන ඒමට පටන් ගෙන ඇත.

මුරුංගාවල මිල ගණන් මේ අන්දමට ඉහළ ගොස් ඇතත් මුරුංගා දෙමළ වැසියන්ගේ ඉතාම ජනප්‍රිය ආහාරයක් බැවින් ඔවුන් ඒ මිල ගණන් වලටද මුරුංගා මිලට ගනිති.

රුපියල් 600 කට වවුනියාව වෙළඳපලෙන් මිලට ගන්නා මුරුංගා කරල් දෙක තුනක් මිටි බැද මේ දිනවල දුම්රියේ ඉහළ රාක්ක මත තබාගෙන වවුනියාවේ වැසියෝ කොළඹ සිටින තම ඥාතීන් වෙත රැගෙන යන අයුරුද දැකිය හැකිය.

උතුරේ මුරුංගා වාරය සැප්තැම්බර් මාසයේදී එළඹෙන අතර එම කාලයට මුරුංගා කිලෝවක තොග මිල රුපියල් දහයක් දක්වා පහත වැටෙයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply