Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » මාස 6ක් ඇතුළත උතුරේ ජනතාව ණය බරින් බේරා ගන්න චන්ද්‍රිකාගෙන් සැලසුමක්..... (PHOTOS)






ඉදිරි මාස 6 තුළ ණයින් මුදවා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පවසයි.
ඒ කීරිමලේ ප්‍රදේශයේදී දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් සමඟ එක්ව යාපනයේ පාරම්පරික ආහාර වලින් සමන්විත අම්මාච්චි නැමති රස බොජුන් හලක් ඊයේ (02) විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.
එහිදී ඒ මහ්තමිය මෙසේ අදහස් දැක්වීය.
“යුද්ධය ඉවර වුණ ගමන්ම සාමාන්‍යයෙන් පිළිගත් බැංකුවලට අමතරව කුඩා ෆිනෑන්ස් කම්පැණි නිකන් කාක්කෝ වගේ මෙහාට ඇවිල්ලා, ජනතාව රවට්ටලා, සියයට 24,25 පොළියට ණය දෙනවා කියලා අන්තිමට අවුරුද්දක් යනකොට සියයට 24 කිව්ව ණය 228ක් ගෙවලා තියෙනවා මිනිස්සු. ඒ නිසා දැන් මහ බැංකුවෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා, මහා සුරා කන පොලියකට කුඩා ෆිනෑන්ස් කම්පැණි. ණය ගත්ත අයට සතයක්වත් මාස 6ක් යනකන් ගෙවන්න එපා කියලා දැන් නීතියක් දාලා තියෙනවා. පොඩි සමාගම්වලින් ගත්ත ණය දැනට ගෙවන්න එපා. හැබැයි මේ ලංකා බැංකුව, මහජන බැංකුවෙන් ගත්ත ඒවා නම් ගෙවන්න. නැත්තම් උසාවි යන්න වෙනවා. ඒ මාස 6 ඇතුළත රජයෙන් තමුන්නාන්සේලාට සම්පුර්ණ වැඩපිළිවෙලක් දෙනවා මේ ණය බර ගතියෙන් මිදෙන්නේ කොහොමද කියලා.”
“සියලු ව්‍යාපෘති තුළින් තමුන්නාන්සේලාගේ උතුරු පළාත ඉතා ඉක්මණට ඉදිරි වසර කිහිපය තුළ යථා තත්ත්වයට සංවර්ධනය කරලා පත් කරන්න පුළුවන් වෙයි කියලා අපි සියලුදෙනාම එකට එකතුව කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ සියල්ල අපි කලත් තව එක දෙයක් අපි කළ යුතුව තියෙනවා. ඒ මෙතුමන්ලා සියලු දෙනාම දිගු කලක් සටන් කරපු දෙයක්. මේ රටේ දෙමළ ජනතාවගේ, විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවගේ සියලුම අනෙකුත් ජන කොටස්වල අයිතිවාසිකම් නිත්‍යානුකුලව ව්‍යවස්ථාවෙන් තහවුරු කිරීමට නව ව්‍යවස්ථාවක් ගෙන ඒම. ඒ ටික අපිට කර ගන්න පුළුවන් වුණ දවසට මම විශ්වාස කරනවා මේ රටේ තිරසාර සාමයක් සඳහා ශක්තිමත් පදනමක් අපිට ගොඩ නගා ගන්න පුළුවන් කියලා.”යැයිද ඒ මහත්මිය සඳහන් කළේය.
යුද සමයේදී උතුරු නැගෙනහිර පළාත්වලින් කාන්තාවන් 33000 ක් පමණ වැන්දඹුභාවයට හා පීඩාවට පත්ව ඇතැයි යාපනය දිසාපති කාර්යාලයේදී කාන්තා සංවිධාන විසින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණිය හට ප්‍රකාශ කොට තිබේ.
යාපනය දිසාපති කාර්යාලය වෙත පැමිණි හිටපු ජනාධිපතිවරිය යුද්ධයෙන් කාන්තාවන්ට සිදුවූ හානි පිළිබදව විමසා සිටි අවස්ථාවේදී කාන්තා සංවිධාන නියෝජිතවරියෝ මේ බව පවසා තිබේ.
ජාතීන් අතර සංහිදියාව ගොඩ නගන අතරතුර යුද්ධයෙන් විපතට පත් කාන්තාවන්ගේ ආර්ථික තත්ත්වය හා ඔවුන්ගේ ජීවන මට්ටම ගොඩනැංවීම සදහා විශේෂ වැඩ පිළිවෙළක් දියත් කරණ බව හිටපු ජනාධිපතිවරිය මෙහිදී ප්‍රකාශ කොට තිබේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply