Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » 24 වතාවක් විවාහ වී, දරුවන් 200ගේ පියෙකු වූ ලී චින්ග් යොන්.... (VIDEO)



ලොව වෙසෙන වයස්ගතම පුද්ගලයා ‍හෙවත් නමින් ”ලී චින්ග් යොන්”. ඔහු ලෝව පුදුමයට පත් කරමින් වසර 256ක් ජිවත් වී තිබෙනවා.
වර්ෂ 1667 දී උපත ලැබූ ”ලී චින්ග් යොන්” තම රැකියාව ලෙස ඖෂධිය ශාක වැවීම පටන් ගෙන ඇත්තේ වයස අවුරුදු 10 සිටයි. ඔහු මේ පැලෑටි වවන අතරතුරේ දී එම ඖෂධීය ශාක සතු විභව ශක්තින් සහ දිර්ඝායුෂ විදීම සදහා ඒවා සතු ගුණයන් පිළිබදවඳ දැනුමක් ලබාගෙන තිබෙනවා.
අවුරුදු 40 දී ඔහු විසින් ආහාරයට ගෙන ඇත්තේ ඖෂධිය ශාක වන ලින්ග්ශි, ගොජි බෙරි සහ වනයේ වැවෙන ජින්සේන්ග් නම් ආයුර්වේද ශාක වර්ගයක් සහ ගොටු කොළ, බත් ආධාරයෙන් සෑදු වයින් වර්ගයි. 1749 වර්ෂයේදී ඔහු චීනයේ යුද හමුදාවට බැදී ඇත්තේ ආධුනික සෙබළුන්ට සටන් ශිල්පය ඉගැන්වීමටයි. එවකට ඔහුට වයස අවුරුදු 71 ක් වී තිබුනා. ඔහු තම ජිවිත කාලය තුල 24 න් වරක් විවාහ වී ඇති අතර දරුවන් 200 දෙනෙකුගේ පියෙකු ද වෙනවා.
ලී දරුවෙකුව සිටි කාලයේදී ඔහුට ලිවිම සහ කියවීම හොදින් පුළුවන් වූ අතර ඔහු තම දස වන උපන්දිනය වන විට කන්සු, ශාන්ෂි, ටිබෙට්, සියාම් යන ප්‍රදේශ වල සංචාරය කොට තිබෙනවා. ඒ ඖෂධිය පැළෑටි වර්ග සොයා ගැනීමේ අරමුණින්. ඉන් පසුව ඔහු මෙම ඖෂධිය පැළෑටි වර්ග අන්අයට විකුණා ඇති අතර ඔහුද එම ඖෂධ වර්ග සහ සහල් ආධාරයෙන් සකසන ලද වයින් පානය කොට තිබෙනවා.
ලී ගේ ශිෂ්‍යයන් පවසන පරිදි ඔවුන්ට වයස අවුරුදු 500ක් පමණ වූ පුද්ගලයෙකුද මුණ ගැසී තිබෙනවා. ඔහුගේ ආයුෂ එතරම් දිගුවීමට හේතු වුයේ ඔහු අනුගමනය කල විශේෂ ආහාර සැලැස්ම බවයි ඔවුන් පවසන්නේ.
වර්ෂ 1667 දී ඉපිද වර්ෂ 1933 මයි 6 වන දින මෙලොවින් සමුගත් ඔහු පවසා ඇත්තේ ලෝකයාට ඔහුගෙන් විය යුතු සියල්ල තම ජිවිත කාලය තුල ඔහු ඉටුකළ බවයි. ඔහුගේ නිවැරදි සිහි කල්පනාවෙන් යුතු මේ වචන ඔහු සතුව තිබු රහස් ගණනාවකම හෙළි කිරීමක් නොවන්නේද? බොහෝ දෙනා සිතන්නේ වයස් ගත වීම පැරදවිය හැක්කේ ඉහල තාක්ෂනයෙන් යුතු කිරණ භාවිතයෙන් සහ භාවනා ප්‍රතිකර්ම මගින් පමණක් බවයි.
ලී ගෙන් තම දිගු ජිවිත ගමන ගැන විමසු විට ඔහු පවසන්නේ කලබලයකින් තොර හදවතක් පවත්වාගැනීම, ඉබ්බෙකු මෙන් වාඩි වී සිටීම, පරවියෙකු මෙන් කඩිසරව ඇවිදීම සහ බල්ලෙකු මෙන් නිදාගැනීම ඔහුගේ දිර්ඝායුෂ භුක්ති විදීමේ රහස බවයි. එමෙන්ම ඔහු විසින් ප්‍රගුණ කරන ලද මනස සම්බන්ධ කරගත් ආශ්වාස ප්‍රශ්වාස ගැනීමේ තාක්ෂණික ක්‍රමද ඔහුගේ මෙම රහස් අතර වෙනවා.
වර්තමානයේ පුද්ගලයෙකුගේ ආයුෂ කාලය වන්නේ වසර 70-85 ත් අතර කාලයක් පමණි. මෙසේ වසර දෙසීයකට වඩා කාලයක් ආයුෂ භුක්ති විදීම ඇත්ත වශයෙන්ම පුදුමයකට කාරණයක්.




«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply