Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » හුදෙකලාවූ පෙන්ග්වින් ජනපදය මෙන්න (PHOTOS)



ඇන්ටාක්ටිකාවේ දකුණු කොනෙහි පිහිටි පෙර හඳුනා නොගත් හුදෙකලා දූපතක ඇඩිලි පෙන්ග්වින් (Adélie penguins) ජනපදයක් සොයා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.
අභ්‍යවකාශයේ සිට ලබා ගත් දූපතේ ඡායාරූපවල දක්නට ලැබුන කුරුල්ලන්ගේ අසූචි කඳු නිසා ඔවුන් එහි වෙසෙන බව මුලින්ම දැකගන්නට ලැබී ඇත්තේ.
විශාල ගල් පර්වතයකින් සැදුම් ලත් Danger Islands හි (අනතුරුදායක දූපත් යන අර්ථය) පෙන්ග්වින් පක්ෂීන් මිලියන 1.5 කට අධික ප්‍රමාණයක් විශාල රංචු වශයෙන් දිවි ගෙවන සඳහන්.
Scientific Reports සඟරාවේ ලිපියක් පළකරමින් පර්යේෂකයන් පවසන්නේ එය ඉතා විශ්මිත සොයා ගැනීමක් බවයි.
ගවේෂකයින් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ටොම් හාට් BBCයට පවසා සිටියේ "කිසිම කෙනෙක් මීට පෙර දැක නැති තැනක් සොයා ගැනීම හරිම උද්යෝගිමත් දෙයක් බවයි.''
ඩේන්ජර් දූපත්වලට ලඟා වීම ඉතා දුෂ්කර නිසා මිනිස්සු මින් පෙර එහි යෑමට උත්සහ කර නොමැති බවත් සඳහන් වනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply