Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » පාකිස්ථාන පළමු සංක්‍රාන්ති ප්‍රවෘත්ති නිවේදිකාව මෙන්න - (Photos)

පාකිස්තාන ප්‍රවෘත්ති නාලිකාවක් විසින් එරට ප්‍රථම වරට ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සඳහා සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් තෝරා ගෙන තිබෙනවා. මාවියා මලික් නම් මෙම තරුණිය ජන මාධ්‍ය පිළිබඳව කරච්චි විශ්ව විද්‍යාලයේ උපාධිදාරිණියක් ද වන අතර විලාසිතා නිරූපිකාවක් ලෙසද කළක් කටයුතු කර තිබෙනවා.
මෙය තමා කිසිදු අවස්ථාවක සිතූ දෙයක් නොවන බව පවසන ඇය තමාට පත්වීම ලබුණු අවස්ථාවේ කඳුලු සලා ඇඬූ බව ප්‍රකාශ කළා. මාස තුනක පමණ පුහුණුවකින් පසුව ඇය පසුගිය සිකුරාදා දිනයේදී මුල්වරට ප්‍රවෘත්ති ඉදිරිපත් කළා.
"මේ මං දැකපු හීනයේ මුල් ආරම්භය පමණයි. මම සතුටු වෙනවා මට ඒ පඩිපෙළේ මුල්ම පියවර නැග ගන්න ලැබුණු එක ගැන." මාවියා පැවසූයේ මෙය දැන ගත් මොහොතේ තමාට කෑ ගසා හඬන්නට සිතුණු බවයි. මෙම ක්ෂේත්‍රය ඔස්සේ ඉදිරියටම යමින් එරට සිටින අනෙකුත් සංක්‍රාන්ති ලිංගිකයන්ගේ ජීවන තත්වය උසස් කිරීම ඇගේ අරමුණ බවත් ඇය පවසා තිබුණා.
ඔවුන්ද සාමාන්‍ය ජනතාවගෙන් කොටසක් බවත්, ඔවුන්ටද සම අයිතීන් හා නිසි තැන ලැබිය යුතු බවටත්, වෙන් කොට සැළකීම අනුමත නොකරන බවත් ඇය පැවසුවා. ඇය මුල් අවදියේ දී නිරූපණ කටයුතු වල යෙදී සිටින කාලයේදීම මාවියාගේ පවුලේ අය ඈ සමඟ පැවති සම්බන්ධතා අත් හැර තිබුණා. තම සොහොයුරා මෙය ෆේස්බුක් හරහා දැනගත් පසුව තමාට සුබ පැතූ බවත් ඇය සංවේදීව පවසා තිබුණා.
පකිස්තානයේ සංක්‍රාන්ති ලිංගිකයන් ඉතා ඛේදනීය ඉරණම් වලට මුහුණ දේ අතර රැකියා සොයා ගැනීමේ අපහසුව ඉන් ප්‍රධානයි. මේ නිසාම ඔවුන් බොහෝවිට ගණිකා වෘත්තිය, සිඟමන් යැඳීම හෝ උත්සව අවස්ථා වලදී නැටුම් ඉදිරිපත් කිරීම මගින් මුදල් හොයනවා.
මාවියා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කරන කොහිනූර් නාලිකාවේ ප්‍රධානි ජුනයිඩ් අන්සාරි මහතා පවසුවේ අයගේ කුසලතා මත මෙම අවස්ථාව ලබා දුන් බවයි.
-මෙම මස මුල් සතියේදී පාකිස්තාන සෙනට් මණ්ඩලය මගින් සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතීන් සුරැකීම සහ ඔවුන්ව ආරක්ෂා කර ගැනීම සඳහා විෂෙශ පනතක් ද සම්මත කර ගනු ලැබුවා. මේ සඳහා මූලිකවම බලපෑවේ 2016 ජුනි මස එරට 26 හැවිරිදි සංක්‍රාන්ති ලිංගික සමාජ ක්‍රියාකාරණියකට ප්‍රථිකාර කිරීමට එරට වෛද්‍යවරු ප්‍රතික්ශේප කිරීමත් සමගයි. අලීශා නම් වූ එම තරුණියට වෙඩි තබා සිටියදී රොහල් ගත කළ අතර රො-හල් නිළධාරීන් ඇයට ප්‍රතිකාර කිරීම මග හැර දමා තිබුණේ ඇයව ඇතුළත් කළ යුත්තේ කාන්තා වාට්ටුවටද පුරුෂ වාට්ටුවටද යන්න තමන්ට තීරණය කළ නොහකි බව පවසමින්. කෙසේ වුවත් දැඩි මුස්ලිම් රටක් වන පකිස්ථානය ගත් මෙම ක්‍රියා මාර්ග පිළිබඳව ලොව පුරා අගය කිරීම් දක්නට ලැබුණා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply