Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ශ්‍රී දේවිගේ දියණිය සිනමාවට... (PHOTOS)


ශ‍්‍රී දේවිගේ මරණයෙන් දින 10කට පසු ඇයගේ වැඩිමහල් දියණිය ජාන්වීගේ 21වන උපන්දිනය යෙදී තිබුණා. ඒත් සමඟම බොහෝ දෙනාගේ අවධානය නැවතත් ජාන්වී කෙරේ යොමුව තිබෙනවා. බොනී කපූර් සහ ශ‍්‍රී දේවිගේ වැඩිමහල් දියණිය ජාන්වී උපත ලැබුවේ 1997වසරේ මාර්තු 6වන දා මුම්බායේදීයි. ඒ වනවිට ඇයට සිය පියාගේ පළමු විවාහයෙන් අර්ජුන් කපූර් නමින් සහෝදරයෙක් සහ අන්ෂුලා කපූර් නමින් සහෝදරියක් සිටි අතර අර්ජුන් කපූර් වර්තමානයේ බොලිවුඩයේ සුපිරි නළුවෙකි. ධිරුබානි අම්බානි ජාත්‍යන්තර පාසලෙන් මූලික අධ්‍යාපය ලැබූ ජාන්වී ඉන්පසු උසස් අධ්‍යාපනය සඳහා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටා ඇති ලී ස්ට‍්‍රැස්බර්ඞ් තියටර් සිනමා පාසලට ඇතුළු ව තිබෙනවා. මේ විට ඇය සිනමාව පිළිබඳ උපාධියද හිමිකරගෙන සිටින අතර ඇයගේ පළමු සිනමා අත්දැකීම 'Dhadak' නමින් එළඹෙන ජුනි මස 06වන දා ප‍්‍රදර්ශනය සඳහා සූදානම්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මව සහ පියා බොලිවුඞ් සිනමාවට නැතිවම බැරි යුවළක් වුවද මුල් කාලයේදී ඇයට සිනමාවට පිවිසීම සඳහා එතරම් උනන්දුවක් තිබී නැහැ. එයට හේතු ලෙස ඇය දක්වා ඇත්තේ සිය මව සහ පියා මෙන් අධික කාර්යබහුල සහ වෙහෙසකර ජීවිතයක් ගත කිරීමට තිබූ අකමැත්ත බවයි. නමුත් සිනමාව පිළිබඳ මව සහ පියාගෙන් යම් යම් දේ ඉගෙන ගැනීමත් සමග ඇයට රංගනයට පිවිසීම සඳහා කැමැත්තක් ඇති වෙන්නට පටන් ගෙන තිබෙනවා. නමුත් සිය දියණියන් දෙදෙනා බොලිවුඞ් සිනමාවට යොමු කරවීම සඳහා ඇගේ මවගේ කිසිදු කැමැත්තක් තිබී නැති බවයි ජාන්වී පවසා ඇත්තේ. ඇය තුළ රංගනයට එක් වීමට තිබූ කැමැත්ත නිසාම ශ‍්‍රී දේවිය ඇයට එක් චිත‍්‍රපටයක රංගන අවස්ථාවක් සඳහා පමණක් අවසරය ලබා දී තිබෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇයට සිය කුළුඳුල් චිත‍්‍රපටය ලෙස ශෂංක් කයිටාන් අධ්‍යක්ෂණය කළ 'Dhadak' හි ප‍්‍රධාන චරිතය වූ 'පාරි' සඳහා පණ පොවන්නට අවස්තාවක් ලැබී තිබෙනවා. 'ධඩක්' යනු මරාති චිත‍්‍රපටයක් වූ සයිරාත් හි හින්දි පිටපතයි. එහි ජාන්වී සමගින් 22හැවිරිදි ඉෂාන් කටර් ප‍්‍රධාන චරිතයට පණපොවනවා.
2014 වසරේදීද ඇයට රංගනයට එක්වීම සඳහා ආරාධනයක් ලැබී තිබෙනවා. ඒ දකුණු ඉන්දියානු කඩවසම් නළු මහේෂ් බාසු සමග ප‍්‍රධාන චරිතයකට රංගනයෙන් දායකත්වය ලබා දීමටයි. නමුත් ජාන්වී විසින් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර කියා තිබුණේ සිනමාව සහ රංගනය පිළිබඳ හොඳ අවබෝධයකින් පසු රංගනයට එක්වනු මිස එසේ නොමැතිව රංගනයට පිවිසීමට තමන්ගේ කිසිදු කැමැත්තක් නැති බවයි. ඒ අනුව ඇය රංගනයට පිවිසීම සඳහා සිනමාව පිළිබඳ උපාධි අධ්‍යයන කටයුතු අවසන් කරන තුරු ඉවසා සිට ඇතැයි සඳහන්. ජාන්වීගේ රංගන කෞෂල්‍යය දැකීමට මහත් වූ ආශාවෙන් සිටි ශ‍්‍රී දේවියට කිසිදා සිය දියණිය ර`ගපෑ චිත‍්‍රපටයක් දකින්නට අවස්ථාවක් ලැබී නැහැ. දෙමාපියන්ගේ ප‍්‍රසිද්ධිය නිසාම ජාන්වීට මාධ්‍යයෙන් ගැලවී සිටින්නට අවස්ථාවක් උදා වී නැති ආකාරයක් මේ වනවිට පෙනෙන්නට තිබෙනවා. එයට හේතුව මේ වනවිටත් ඇයගේ නම ඈඳුණු නළුවෙකු පිළිබඳව කතාවක් ක්ෂේත‍්‍රය පුරා පැතිර යන්නට පටන් ගෙන ඇති නිසයි. අක්ෂාත් රන්ජන් නම් වූ මෙම රංගන ශිල්පියා සහ ජාන්වී අතර පේ‍්‍රම සම්බන්ධයක් පවතින බවට කතාවක් පැතිරෙන්නට පටන් ගත්තේ ඇය ධඩක්හි ර`ගපාන්නට පටන් ගත් කාලයේ සිටයි. ඇය සමග දර්ශන තලයට පැමිණෙන අක්ෂාත් ඉතා ආදරණීය ආකාරයට ඇගෙන් සමුගෙන ගොස් රූගත කිරීම් අවසන් වූ පසු නැවත පැමිණ ඇය සමග පිටව යන ආකාරය පිළිබඳව මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ‍්‍රී දේවිගේ මරණය සිදු වෙන්නටද පෙර සිටයි.
ඉන්දියානු සිනමා මාධ්‍ය පවසන්නේ අක්ෂාත් - ජාන්වී අතර පේ‍්‍රම සබඳතාවක් පැවැති බවත් එයට දෙපාර්ශ්වයේම මාපියන්ගේ කැමැත්ත ලැබී තිබූ බවත්ය. ඒ කෙසේ වුවද රංගනය පිළිබඳ විචාරක අදහස වන්නේ ජාන්වී යනු ශ‍්‍රී දේවිය මෙන් ආදරණීය චරිතවලට පමණක් සීමා කළ නොහැකි ආකාරයේ රංගන ශිල්පිණියක බවයි. එනම් ජාන්වීගේ මුහුණේ ඉරියව් සහ ඇගේ පෙනුම අනුවත් ඇගේ රංගන කුසලතාව අනුවත් ඇයට චරිතාංග නිළියකගේ ලක්ෂණ ඇති බව ඔවුන්ගේ මතයයි. ඒ අනුව ජාන්වීට බොලිවුඞ් සිනමාවේ ඉතා දිගු දුරක් යන්නට අවස්ථාව ඇති බවත් එය බොහෝ නිළියන්ට නැති කුසලතාවක් බවත් විචාරක අදහස වී තිබෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply