Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » සිසුවා අපයෝජනය කොට ඝාතනය කර පලා ගිය සැකකරු මුලතිව්හි දී මාට්ටු.... (Photos)





ඉරණවිලදී සුසිත් නිර්මාල් සිසුවා ඝාතනය කර පලා ගොස් සිටි බව පැවසෙන  සැකකරු නාවුක හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් නයාරු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන මුලතිව් පොලීසිය වෙත  භාරදී තිබෙනවා.
ඊයේ (04) සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.සුසිත් නිර්මාල් සිසුවා පැහැර ගෙන ගොස් ලිංගික අතවර කොට  ඝාතනය කොට  තිබුණේ පසුගිය 25 වැනිදායි.
ඉරණවිල  ප්‍රදේශයේ කැලෑවක තිබී ඝාතනය කර ඇති දරුවාගේ සිරුර ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව කරන ලද මෙහෙයුමකදී 27 වැනිදා පෙරවරුවේ සොයා ගැනුණා.
ඉරණවිල ගමට පොල් කැඩීමට නිතර යන එන බව පැවසෙන සැකකරුගේ ස්ථීර පදිංචියක් පිළිබඳ  තොරතුරක් ලැබී නැහැ.
නමුත් 27 වැනිදා සවස සැකකරු හලාවත ප්‍රදේශයෙන් පිටත්ව ගොස් ඇති බවත්, ඔහු මා දැල් වාඩිවල සේවය කර ඇති අයෙකු බවටද පොලීසියට තොරතුරු ලැබී තිබුණා.
සැකකරු සම්බන්ධයෙන් තොරතුරු සහ ඡායාරූප පොලීසිය විසින් නාවුක හමුදාව වෙතද ලබා දී ඔහු අත්අඩංගුවට ගැනීම සදහා සහාය ඉල්ලා තිබුණා.
ඒ අනුව විමර්ශණ කටයුතු සිදු කර ඇති නාවුක හමුදාව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුව රැගෙන ඒම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් මුලතිව් බලා පිටත්ව ගොස් ඇති බව වාර්තාකරු පවසන්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply