Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » සිංගප්පූරු ජාතිකයෙකු නිසා කඬා වැටුනු රට ගොඩගන්න, රනිල් සිංගප්පූරුවෙන්ම සහය ඉල්ලයි..! (PHOTOS)


සිංගප්පූරුව කේන්ද්‍ර කරගනිමින් සිටින ආයෝජකයන්ට සහ අරමුදල් කළමනාකරුවන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා පැමිණ, ඉන්දියන් සාගරයේ නවතම වර්ධනීය කතා ප්‍රවෘත්තිය සමග එක්වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි උනන්දු කරවීමක් සිදුකර තිබේ.
අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරු ජාතිකයන් වෙත මෙම විවෘත ඇරයුම සිදුකර තිබුණේ, සිංගප්පූරුවේ ෆෝ සීසන් හෝටලයේදී මෙම වසරේ ප්‍රථම වරට පැවැත්වූ ඉන්වෙස්ට් ශ්‍රී ලංකා ආයෝජක සමුළුව ඊයේ (02දා) අමතමිනි.
"ශ්‍රී ලංකාව ව්‍යාපාර සිදුකිරීම සඳහා ආකර්ෂණීය ස්ථානයක් බවට පත්කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ ශක්තිමත්, තිරසාර සහ නම්‍යශීලී ආර්ථිකයක් අප ඇති කරනවා. ඉන්දියානු සාගරයේ නවතම වර්ධනීය කතා ප්‍රවෘත්තියේ පළමු කොටස්කරුවන් පිරිස ලෙස ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජනය කරන ලෙස අප ඔබ ධෛර්යමත් කරනවා" යැයි සිංගප්පූරු ආයෝජකයන් සහ අරමුදල් කළමනාකරුවන් 300කගේ පමණ සහභාගීත්වයෙන් පැවති සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා කීය.
මේ වනවිට ලෝකයේ වේගවත් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන දකුණු ආසියානු කලාපය තුළ ව්‍යාපාර සඳහා වඩාත් ආකර්ෂණීය එක් මාවතක් බවට ශ්‍රී ලංකාව පත්වෙමින් සිටින බවද අගමැතිවරයා පැවසීය.
එමෙන්ම මේ වනවිට ප්‍රබල ගෝලීය ආර්ථිකයන් හි සිදුවෙමින් පවතින ප්‍රති තුලනය හේතුවෙන් ඉන්දියානු සාගරය ආර්ථික ගුරුත්වයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් ඇති බවද අගමැතිවරයා පැවසීය.
ශ්‍රී ලංකාව මූලෝපාය වශයෙන් වැදගත් ස්ථානගත පිහිටීම නිසා ප්‍රමුඛතම ආර්ථිකයන් සමග හොඳ සබඳතාවක් ඇති කර ගනිමින් ඉන්දියානු සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්වීමේ අවස්ථාව අපට නිරායාසයෙන් ලැබී ඇති බවද අගමැතිවරයා කීය.
ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළු මීට පෙර එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය සහ හොංකොං යන රටවල සංවිධානය කර ඇත.
මෙම සමුළුව සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, කොළඹ කොටස් වෙළෙඳ පොළ, ශ්‍රී ලංකා මහ බැංකුව සිය දායකත්වය ලබාදී තිබේ.
main-image04(2)04(1)

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply