Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » O/L අසමත් සිසුන්ට 13න් වසරක් දක්වා පාසල් යාමට අවස්ථාවක් ලගදීම


හතුන් වසරක අධ්‍යාපන සැළස්ම අනුව මෙම වසරේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අසමත් සෑම පාසල් ශිෂ්‍ය ශීෂ්‍යාවකටම උසස් පෙළ හැදෑරීමට අවස්ථාව හිමිව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා.

ඒ අනුව කිසියම් විෂය ධාරාවක් යටතේ ඕනෑම පාසල් දරුවෙකුට 13 වන වසර දක්වා අධ්‍යාපනය හැදෑරීම අවස්ථාව අධ්‍යාපන අමාත්‍යංශ, විභාග දෙපාර්තමේන්තුව හා රජය එක්ව විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.

ගණිතය, විද්‍යාව, වාණිජ, කලා හා තාක්ෂණිය විෂය ධාරාවන්ට අමතරව වෘත්තීය විෂයන් ධාරාවක් මෙම වසරේ සිට හඳුන්වා දී තිබෙනවා.

එම විෂය ධාරාව යටතේ වෘත්තීමය විෂයන් 26 ක් ඇතුළත් වන අතර සාමාන්‍ය පෙළ අසමත් වන සිසුන්ට මෙම විෂය ධාරාව යටතේ 13 වන වසර දක්වා සිය අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යා හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ.

ගණිතය, විද්‍යාව, වාණිජ වැනි විෂය ධාරාවන් සඳහා ගණිතය විෂය සමත් වීම අනිවාර්ය වන අතර වෘත්තීමය විෂය ධාරාවක් හැදෑරීම සඳහා ගණිතය විෂය අසමත් වීම ගැටලුවක් වොවන බවද ඔහු කියා සිටියා.

රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව මෙම අවස්ථාව මෙරට සිසුන්ට හිමිවන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යන කටයුතු සිදුකරනු ලබන පාසල් ද දිවයිනේ පවතිනවා. එවැනි පාසල්වල සාමාන්‍ය පෙළ විභාගය සමත් සිසුන් තමන්ගේ ප්‍රතිඵල අනුව වෙනත් පාසල් තෝරාගෙන සිය උසස් පෙළ අධ්‍යන කටයුතු ඉදිරියට සිදුකරනු ලබනවා.

එවැනි පාලසල්වල සාමාන්‍ය පෙළ විභාගය අසමත් වන සිසුන් සම්බන්ධයෙන් ගැටලුවක් පැණ නැගෙන නිසා nethnews.lk ඒ සම්බන්ධයෙන් ද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිතගෙන් විමසා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ එවැනි පාසල්වල සාමාන්‍ය පෙළ අසමත් සිසුන්ට තමන් පඳිංචි ප්‍රදේශයට ආසන්න පාසලක් වෙත යොමු විය හැකි බවයි. අවශ්‍ය කරුණු සලකා බලා දරුවාගේ යහපත උදෙසා ආසන්නතම පාසලක් වෙත ඔවුන්ව යොමු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් මෙවර සාමාන්‍ය පෙළ විභායේ ගණිතය විෂය සමත් සිසුන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් එය 64 % ප්‍රතිශතය ඉක්මවා ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මෙහිදී පෙන්වා දුන්නා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply