Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » රටින් රට facebook වැසූ හේතු මෙන්න....


ලොව සමාජ මාධ්‍ය අතරින් වැඩිවශයෙන් ජනප්‍රිය ජාලය වන ෆේස්බුක් තුළින් රටේ මහජනයාගේ මතය වෙනස් කිරීමටද දායක වූ ස්ථාන බොහෝයි. එහි හොද මෙන්ම අහිතකර අවස්ථාද තිබු බවට ලෝකය පුරා ඕනෑතරම් උදාහරණ තිබෙනවා. බටහිර රටවල දියුණු පරිසරයේ ඉපදුණ ෆේස්බුක් ඒ සමාජයේ ඕනෑ එපාකම් අනුව නිම වී තිබුණත් ආසියානු සහ ඇතැම් රටවල සාමයට, මහජන ආරක්ෂාවට ෆේස්බුක් තර්ජනයක් වූ අවස්ථා එමට තිබී තිබෙනවා. අමරිකාව වැනි රටක තවත් අයෙකුට අපහාස කිරීමක් බොහෝ විට එතරම් ලොකු දෙයක් ලෙස සැලකෙන්නේ නැහැ. නමුත් ලංකාව වැනි ආසියාතික රටවල කලක් තිස්සේ තිබෙන බැඳීම් ආදී දේවලදී මිනිසුන් වඩාත් හැගීම්බරව බුද්ධියට වඩා හැගීමට තැන දෙමින් කටයුතු කිරීමට නැඹුරු වීම දක්නට පුළුවන්. එනිසා ඇතැම් කලබලකාරී අවස්ථාවල ෆේස්බුක් අවහිර කිරීමට බොහෝ රටවලට සිදු ව තිබෙනවා. පසුගිය දිනෙක ලංකාව මුහුණදුන් එම තත්වය හමුවේ මේ ගැන විවිධ කතිකාවන් ඇති වූවා. එනිසාම ඒ ගැන දැනසිටීම බොහෝ දෙනෙකුගේ අවශ්‍යතා අතර ප්‍රමුඛස්ථානයක් ගත්තා.

පාකිස්තානය
මුහම්මද්තුමා යනු ඉස්ලාම් ආගමේ ආගමේ පණිවුඩය ලොවට ගෙන ආ අවසාන පණිවුඩකරුවායි.  ඉස්ලාම් බැතිමත්හු මුහම්මද් තුමා බොහෝ බැතිබරව අදහන්නේ.  ඉස්ලාම් රටක් වූ පාකිස්තානයේ 2010 දී මුහම්මද්තුමාගේ විසුළු සේයාරුවක් කාටුනයක් ඔස්සේ ෆේස්බුක් හරහා හුවමාරු විය. ජනයා කුපිත විය. එවර රජය මැදිහත් වී ෆේස්බුක් තාවකාලිකව තහනම් කර තිබෙනවා.
2017 දී ඉස්ලාමාබාද් නුවර මැතිවරණ කොමිසමද ෆේස්බුක් තාවකාලිකව තහනම් කර තිබෙනවා. අප රටද පසුගිය කාලයේ තිබූ මැතිවරණයේදී ප්‍රචාරණ කටයුතු සමාජ ජාලා හරහා නොකරන්නැයි අපගේ මැතිවරණ කොමිසම විසින්ද ඉල්ලීමක් කළා.
චීනය
2009 දී සින්ජියාන් පළාතේ ඇති වූ දේශපාලනික නැගිටීම්, කලබල ආදියට ෆේස්බුක් ජාලයේ සන්නිවේදන හැකියාව භාවිත වූ බව සොයා ගැනීමත් සමඟ ලොව විශාලතම ජනගහනය සහිත රටෙන් ෆේස්බුක් අවහිර වුවා. ඉන් පසු ලොව විශාලතම ෆයර්වෝලය මඟන් චීන මහා ප්‍රාකාරය මෙන් චීන ජනයා බාහිර ලෝකයෙන් අන්තර්ජාලයෙන් දුරස් වීමක් ද සිදු ව තිබෙනවා.  එම නිසා ෆේස්බුක් හි වැඩිම භාවිත කරන්නන් පිරිසක් සිටින ආසියානු රට බවට ඉන්දියාව පත් වී තිබුණා. 2018 දී ඇමරිකාවේ ෆේස්බුක් භාවිත කරන්නන් ප්‍රමාණයට වඩා ඉන්දියානු භාවිත කරන්නන් ප්‍රමාණය වැඩියි. එනම් ඉන්දියාවෙන් පමණක් ෆේස්බුක් හා මිලියන 250කට ආසන්න ජනතාවක් සම්බන්ධ වන බවයි වාර්තා වන්නේ.
උතුරු කොරියාව
උතුරු කොරියාව ඒකාධිපති පාලනයක් තිබෙන රටක්. එහි නායකයාගේ පාලන තන්ත්‍රයට පිටින් මහජනයාට ආහාර ටිකක්වත් මිලදී ගන්නට නිදහස නැහැ. මහජනයා රාජ්‍ය මාධ්‍ය පමණක් භාවිත කළ යුතුය යන්න එරට නීතියයි.  කිම් ජොන් අන් යනු යුරෝපයේ ඉගෙන ගත් වයස විසි ගණන් වලදීම අසහාය පාලකයා බවට පත් වූ තරුණ නායකයෙක්. එහෙත් ඔහු සිය ජනයාට සමාජ ජාල භාවිත කිරීමට දුන්නේ නැත. ඔහු විසින් ජනයාගේ තොරතුරු දැන ගැනීමේ අයිතින් කප්පාදු කොට සිය පියා සහ සීයා පරිද්දෙන්ම රට ලෝකයෙන් වෙන්කරගෙන එහි සදාකල් රජවීමට උත්සාහ කරමින් සිටිනවා.
කියුබාව
කියුබාව යනු ඇමරිකාව ආසන්නයේ තිබුණත් දිගු කලක් තිස්සේ සමාජවාදී අදහස් මතින් ඒකාධිපති පාලන තන්ත්‍රයක් හරහා පාලනය වන රටක්. එවැනි රටක දී බොහෝ විට මාධ්‍ය වෙත අත්වන්නේ කනගාටුදායක ඉරණමක්. ෆේස්බුක් යෑමට ජනයාට පැයකට ඇමරිකානු ඩොලර් 08ක් පමණ වියදම් වනවා. එහෙත් මහජනයාගේ වැටුප ඩොලර් 20කට ආසන්නයි. එවැනි වැඩි මිලක් දී වුව කියුබානු ජනයාට ලැබෙන්නේ අඩුවේග අන්තර්ජාල පහසුවක්.. එයින් ෆේස්බුක් යෑමට ඉතා අපහසුයි.
ඉරානය
ආගමික සංස්ථාවකින් පැමිණි අයතුල්ලා අල් කමේනි නායක වන්නට පෙර ඉරානයද ලොව අනෙක් රටවල් මෙන්ම සාමාන්‍ය රටක්. ජනයා නිදහසෙන් සිටි අතර කාන්තාවන් රිසිසේ ඇදුම් පැළදුම් ඇඳ සිටින්නට ද අවස්ථාව හිමිව තිබෙනවා. එහෙත් දැඩි මතධාරි පාලනය සියල්ල වෙනස් කර ඇතැයි සඳහන්. 2009 මැතිවරණයේදී විපක්ෂය ෆේස්බුක් හරහා, වෙබ් හරහා සංවිධානය වනු දුටු ඉරාන පාලක පක්ෂය ෆේස්බුක් තහනම් කර තිබෙනවා. දැන් දැන් ඉරානයේ පාලක පක්ෂයේ ඇමතිවරුම විවිධ ප්‍රකාශ හරහා සාමාන්‍ය ජනයාට ෆේස්බුක් විවර කළ යුතු යැයි අදහස් දැක්වූවත් ඒ මල් ඵල ගැන්වෙන ආකාරයක් පෙනෙන්නේ නැත.
බංග්ලාදේශය, වියට්නාමය, ඊජිප්තුව , සිරියාව ආදි රටවලද ෆේස්බුක් තහනම්. ෆේස්බුක් තහනම් වුවද ප්‍රොක්සි සේවාවන් සහ වෙනත් ජාලගත යෙදවුම් හරහා ෆේස්බුක් වෙනත් රටක සිටිනවා වැනිය හැසිරවිය හැකියි. එහෙත් එය නීති විරෝධී ක්රියාකව් ලෙසයි සැලකෙන්නේ.
එක්තරා දෙසකින් බැලූ කල ෆේස්බුක් යනු අවට සමාජයේම කැඩපතකි. අප අද රූපවාහිනයේ දේශපාලන සාකච්ඡාවක් බැලුවද, සාමාන්‍ය දේශකයකුගේ කතාවක් බැලුවද ඒවායේ වෛරී සහගත ද්වේශ සහගත ප්‍රකාශ අඩුවක් නැත. පාර්ලිමේන්තුව බැලුවද එහි වැදගත් කමක් ඇති වාද විවාද අඩුය. එකිනෙකාට වචන දමා ගසමින් වෛරී ලෙස කතා කරන දර්ශන රැසක් පාර්ලිමේන්තු විවාද නැරඹීමේදී අපට හමු වේ. එනම් වෛරී ප්‍රකාශන යනු සමාජයේ ඉහළම දේශපාලන තත්ත්වයන් හිදී පවා භාවිත වන සාමාන්‍ය දෙයක් බවට පත් ව තිබේ. ඒවා නැවැත්වීමට හෝ පාලනය කිරීමට යෑමෙන් සැබෑ ජනමතය හුවමාරු වීමට ෆේස්බුක් හරහා ඇති ඉඩකඩ ඇහිරී යා හැකිය.
අපරාධ මැඩ පැවැත්වීමේදී අපරාධවලට සමාජ ජාලාවල දායකත්වය හොදින් අධ්‍යනය කර ඒ අනුව ගැලපෙන විසදුම් සොයා බැලිය යුතුය. කඩිමුඩියේ සමාජ ජාලා පාලනය පිණිස දෙන විසදුම් නිවිහැනහිල්ලේ විදිය හැකි ප්‍රතිඵල ලෙස දේශපාලකයින්ටම මතු යම් දිනක ලැබිය හැකිය. ලොව දෙස බැලුවද එවැනි උදාහරණ රැසක්ම සොයාගත හැකිය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply