container බංගදෙනියේ විහාරය සාදා දෙන්නැයි විහාරාධිපති හිමියන්ගෙන් ඉල්ලීමක් - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » බංගදෙනියේ විහාරය සාදා දෙන්නැයි විහාරාධිපති හිමියන්ගෙන් ඉල්ලීමක්


ආරච්චිකට්ටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ (581/A) දෙමටපිටිය ග්‍රාම නිළධාරි වසමට අයත් අලිකටුව, බංගදෙනිය. ශ්‍රී ධර්ම කීර්ති විහාරය 2008 වසරේදී ඉදිකරන ලද්දක් බව පැවසෙනවා.
මෙම විහාරස්ථානය යටතේ දායක පවුල් 235ට ආසන්න ප්‍රමාණයක් සිටින අතර, මොවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව ඇත්තේ කුලී කර්මාන වල නියලී මුදල් උත්පාදනය කිරීම බව කියයි. එම විහාරස්ථානයට සෑම ඉරු දිනකම දහම් පාසල් අධ්‍යාපනය හැදෑරීම සදහා දහම් පාසල් ළමුන් 130ට ආසන්න ප්‍රමාණයක් පැමිණෙන බව විහාරාධිපති හිමියන් පවසති.
මෙම විහාරස්ථානයේ වැඩවාසය කරන විහාරාධිපති හිමියන් දැනට වැඩ වාසය කරනුයේ ඉතාමත් අබලන් තත්ත්වයේ පවතින ධර්ම ශාලා ගොඩනැගිල්ලක සකසා ගන්නා ලද කුඩා කාමරයක බව මනාව පැහැදිලි විය. දහම් පාසල් ළමුන්ගේ අධ්‍යාපනය සදහා අවශ්‍ය ගොඩනැගිලි හිගය මෙන්ම විහාරස්ථානයේ පවතින විශාලතම අඩුව ලෙස සතර පේරුවේ දායකයින් පෙන්වා දෙන්නේ ත්‍රිවිධ චෛත්‍යයට අයත් චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදිකර දෙන ලෙසය. උග්‍ර ගොඩනැගිලි හිගයක්ව පවතින මෙම විහාරස්ථානයේ දැනට ඉදිකර ඇති තාවකාලික ගිනිහල් ගෙය, ධර්ම ශාලාව, සංඝාවසය යන මේ සියල්ල දැනට පවතිනුයේ එකම වහළක් යට බව කණගාටුවට කරුණකි.
මෙම දායකයින්ට දාන වේල හැර වෙන යම් දෙයක් විහාරස්ථානයේ උන්නතිය උදෙසා සිදු කිරීමට නොහැකිව ඇත්තේ ඔවුන් සතුව පවතින සෘජු ආර්ථික අපහසුතා නිසාවෙනි.
මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමින් වහන්ස ඇතුළු දායකයින් ඉල්ලා සිටින්නේ පවතින ගොඩනැගිලි හිඟයට විසදුමක් ලබා දෙන්නේ නම් සම්බුද්ධ ශාසනයටම කරන්නාවූ මහත් පුන්‍ය කර්මයක් ලෙස එය දකින බවයි.
කොළඹ පුරේ ස්වාමින් වහන්සේලා වායුසමණය කල කාමර තුළ සැතපෙද්දි වර්ෂා සමයන්වලදී මුන්වහන්සේලා හිරිකඩ සුළං වැදී සැතපීම තවත් එක්තරා දුෂ්කරක්ක්‍රියාවක් කිව හොත් එය නිවැරදිය.
දහම් පිපාසය සන්සිදුවා ගැනීමට සුදුවතින් සැරසී ප්‍රාඩෝ,මොන්ටේනෙරෝ වල ළමුන් පන්සලට එද්දි මෙම දරුවන් වැරහැළි කඩමළු එල්ලාගෙන පයින් ගාටමින් පන්සලට එන තවත් එක්තරා අව්‍යාජ දරුවන් පිරිසක් කිවහොත් පුදුමය දනවන්නක්ව තිබේ. අකුරු කිරීමට ඩෙස්, බංකු, පොත් පත් නැති මේ දරුවන්ද මැනවින් දහම් අධ්‍යාපනය හදාරන බව ආඩම්බර වීමට කරුණක්ව තිබේ.
වඳින්න යන දේවාලේ හිසේ කඩා වැටෙන්නාක් මෙන් කොයි මොහොතේ මෙම ගොඩනැගිල්ල දරුවන්ගේ හිස මතට පෙරලෙයිදෝ යන්න සැකයක්ව තිබේ. එමට අබලන් මෙකී ගොඩනැගිල්ලේ අබලන් තත්ත්වය වරෙක බිය සුළුය.


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply