Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » පාසල් සිසුවියකගෙන් රුපියල් පනස් දහසක් ලබා ගෙන හෝටලයක දී දුෂණය කරලා


පහළොස් හැවිරිදි පාසල් සිසුවියකගෙන් රුපියල් පනස් දහසක් ලබා ගෙන ඇය හෝටලයකදී දුෂණය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීම සදහා ගාල්ල පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
දැරිය පොලිසියට කර ඇති ප්‍රකාශය අනුව ඇයගේ අයියා මිතුරෙකු සමග ඡායාරූප හුවමාරු කර ගෙන ඇති අතර ඇයගේ නිරුවත් ඡායාරූප ද ඔහු ලබා ගෙන ඇත. පසුව ඒවා අන්තර්ජාලයට මුදා හරින බවත් එසේ නොකිරිමට නම් රුපියල් පනස් දහසක් අවශය බවත් ඔහු පවසා ඇති අතර බියට පත් ඇය පියාගෙන් රුපියල් පනස් දහසක් සොරකම් කර ගෙන ඔහුගේ ඉල්ලීම අනුව පිට කොටුවට පැමිණ ඇත.
මුදල් ලබා ගත් ඔහු තවත් මිතුරෙකු සමග ඇය මෝටර් රථයක නංවා ගෙන දකුණට පැමින තිබේ. මේ අතර දියණියගේ අතුරුදන්වීම  සම්බන්ධයෙන් ඇයගේ මව කඩ වත පොලිසියට පැමිණිලි කර තිබිණි.
ගාල්ලට පැමිණි පසු ඔහු ඇය තමා සේවය කරන ආයතනයට  කැදවාගෙන ගොස් සිට පසුව යතුරු පැදියකින් නිවසකට ගෙන ගොස් තිබේ.  පසු දින හෝටලයක කාමර දෙකක් ගෙන රාත්‍රී එක් කාමරයක ඔහු මිතුරාද සමග සිට ඇති අතර අනෙක් කාමරයේ ඇය තනියම සිට ඇත. එසේ සිටියදි ඔහු ඇගේ කාමරයට ඇතුළු වි දුෂණය කර ඇති අතර මිතුරා ඒ සදහා උදව් කර තිබේ. දුෂණය කිරිමෙන් පසු පෙති වර්ගයක් බොන්නට දි ඇතැයි පොලිසිය කළ පරීක්ෂණ වලින් හෙළි වි ඇත.
පසු දින එම හෝටලයෙන් පිටව ඌව පළාතේ නිවසකට ගොස් සිට දින කිහිපයකට පසු ඇයගේ නිවස අසල ට ගෙනැවිත් දමා ඇත. මෙම සිද්ධිය කිසිවෙකුටත් කියා තිබුණොත් පවුල පිටින්ම මරා දමන බවට ද ඔහු තර්ජනය කර ඇත. ඉන්පසුව කඩවත පොලිසියට  පැමිණ සිද්ධිය පැමිණිලි කර තිබේ. ඒ අනුව ස්ත්‍රී දුෂනය සිදුව ඇත්තේ දකුණේ පොලිස් වසමේ නිසා සැකකරු වන් අත්අඩංගුවට ගන්නා ලෙස කඩවත පොලිසිය එම පොලිසියට දැනුම් දී තිබේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply