Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » බස්නාහිර පළාතේ ක්ෂය රෝගය පැතිරයාමේ අවධානමක්.....


ලෝක ක්ෂය රෝග දිනය යෙදී තිබෙන්නේ මාර්තු මස 24 වැනිදාටයි.
2017 වසර වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ක්ෂය රෝගීන් ගණන 8511 ක් වන අතර ඉන් 8113 ක් අලුතින්ම හඳුනාගත් රෝගීන් බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන සඳහන් කරයි.
බස්නාහිර පළාතෙන් 3601 ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් 2051 ක් ක්ෂය රෝගීන් වාර්තා වී තිබේ.
මේ දත්ත අනුව බස්නාහිර පළාතේ ක්ෂය රෝගය තදින් පැතිර යෑමේ අවදානමක් පවතින බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය සඳහන් කළාය.
සති 2 කට වඩා වැඩි කලක් පවතින කැස්ස, රාත්‍රී කාලයේ මඳ උණ,කෑම අරුචිය, ශරීරයේ බර අඩුවීම, ලේ සහිත සෙම් පිටවීම් වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම ළඟම ඇති ළය චිකිත්සාගාරයට ගොස් පරීක්ෂා කරවාගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කර සිටියි.
මාස 06 ක් නොකඩවා ප්‍රතිකාර ගැනීමෙන් සම්පූර්ණයෙන්ම සුවකළ හැකි හා වළක්වාගත හැකි ක්ෂය රෝගය සඟවා නොසිට වහා ක්‍රියාත්මක වන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply