Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » මීටර්වලටත් අලුත් නීති රැසක්!



ත්‍රීරෝද රථ මීටර් අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් දස දහසකට සීමා කිරීමටත්, එහිදී එම මුදල වාරික වශයෙන් ගෙවීමට මහජනතාවට ඉඩ සැලසීමටත් දේශීය වශයෙන් ඒවා නිෂ්පාදනය කරන ආයතන හයම එකඟතාව පළකොට ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ ඊයේ (4) පැවසීය.

ත්‍රීරෝද රථ මීටර් සම්බන්ධයෙන් පැවැති දෝෂාරෝපණ හේතුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මගින් හඳුන්වා දී තිබෙන විධිමත් සහ වඩාත් නිවැරදි  ත්‍රීරෝද රථ මීටරයේ ප්‍රමිතියටම නව මීටර් නිෂ්පාදනය කළ යුතු බවත්, එසේ නොවුණහොත් ඒවා තහනම් කිරීමට කටයුතු කරන බවත්, එම මීටර් නිෂ්පාදකවරුන්ට කොන්දේසි පනවා තිබෙන බවත් සභාපතිවරයා කියා සිටියේය. ඒ අනුව මෙම මාසය අවසාන වන විට මගීන්ට කුලී ත්‍රිරෝද රථ රියදුරුගෙන් ගමනේ සියලු දත්ත ඇතුළත් යාන්ත්‍රික බිල්පත්ද නිකුත් කෙරෙන ආකාරයට නව ත්‍රිරෝද රථ මීටරය සකස් කොට තිබෙන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මීට අමතරව කාලයක සිටම ත්‍රීරෝද රථ සංගම්වලින් ඉල්ලා සිටින ආකාරයේ නියාමන ආයතනයක වගකීමද තම සභාව මගින්ම දරන බවත් පවසන සභාපතිවරයා, ඉදිරියේදී ත්‍රීරෝද රථ පමණක් නොව සියලුම වාහන නියාමනය කිරීමට ප්‍රතිපත්ති සකස් කිරීම, රජයට උපදෙස් දීමට සහ එම කටයුතු පළාත් සභා මගින් ක්‍රියාවට නැංවීම  ආදිය කෙරෙහිද තම ආයතනයේ මැදිහත්වීමෙන් නීති සකසන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply