Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » රජිව්ට වරෙන්තු පිට වරෙන්තු.....


ප්‍රවීණ ගායකයන් තිදෙනකුව සම්බන්ධ කරවා වෙන්නප්පුව ඇවෙන්ඩ්‍රා ගංගාරා නිකේතනයේදී ඉකුත් වසරේ සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වීමට රුපියල් ලක්‌ෂ තුනක අත්තිකාරම් ලබාගෙන ප්‍රසංගය නොපවත්වා මුදල් වංචා කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ සාවද්‍ය මුදල් පරිහරණය යන චෝදනා ලැබ සිටි ජනප්‍රිය ගායක රජීව් සෙබස්‌තියන් උසාවියට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඉකුත් ජනවාරි 15 දා නිකුත් කළ වරෙන්තුව යළි නිකුත් කරමින් 19 දා මාරවිල දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් කේමින්ද පෙරේරා ඔහුට විදේශ ගමන් තහනම් නියෝගයක්‌ද පැනවීය.
එම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දන්වන ලෙසද වරෙන්තුව තලංගම පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා මගින් ක්‍රියාත්මක කරන ලෙසටද නියෝග කෙරිණි.
පසුගිය වසරේ අගෝස්‌තු 04 වැනිදා වෙන්නප්පුව ඇවෙන්ඩ්‍රා හෝටලයේදී "සරම" නමින් පැවැත්වීමට නියමිත වූ සංගීත ප්‍රසංගයකට ප්‍රවීණ ගායකයන් වන සුනිල් පෙරේරා, ඩෙස්‌මන් සිල්වා සහ ඇනස්‌ලි මාලේවන ගෙන්වා දීමට ගිවිසගෙන මුදල් රැගෙන ප්‍රසංගය නොපැවැත්වූ බවත්, මුදල් ආපසු දීම සඳහා ලබාදුන් රුපියල් ලක්‌ෂ තුනේ චෙක්‌පත අගරු වූ බවත් සංගීත ප්‍රසංගයේ සංවිධායකවරයකු වූ නයිනමඩමේ ටර්සියන් ක්‍රිස්‌ටි රත්නප්‍රිය මහතා වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර තිබිණි.
වෙන්නප්පුව මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක එල්. බී. අබේරත්නගේ උපදෙස්‌ මත වෙන්නප්පුව පොලිසියේ නිලධාරීහු පිරිසක්‌ පැමිණිල්ල මෙහෙය වූහ. ඊට නීතිඥ ලලන්ත සරච්චන්ද්‍රගේ උපදෙස්‌ මත නීතිඥ ඩිලානි වාසනා පෙනී සිටියාය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply