Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » තෙල්දෙණියේ නොසන්සුන් - ආරක්ෂාව දැඩි කරයි....


තෙල්දෙණිය නගරයේ ආරක්ෂාව ඊයේ (04) රාති‍්‍රයේ සිට දැඩි කර තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අතිරේක පොලිස් නිලධාරීන්ද ආරක්ෂාවට යොදවා ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඉකුත් 22 වැනිදා ඇතිවූ ගැටුමක් දුරදිග යාම ඊට හේතුවයි. 

තී‍්‍ර රෝද රථයක පැති කණ්නාඩියක ගැටුනු ලොරි රථයක් නොනවත්වා ධාවනය කිරිමේ සිද්ධියක් මුල් කර ගනිමින් ගැටුම ඇති වී තිබෙනවා.

පසුව තී‍්‍ර රෝද රථයේ සිටි තිදෙනෙකු හඹාගෙන ගොස් ලොරි රථයේ රියදුරුට පහර දී ඇතැයි සඳහන්. බරපතල තුවාල ලැබූ ඔහු තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර රෝහලට මාරුකර යැවුණා. රියදුරා එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම්. ජී. කුමාරසිංහ නම් වූ ඔහු මැද මහනුවර අඹල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් තී‍්‍ර රෝද රථයේ ගමන්ගත් තිදෙනා අත්අඩංගුවට ගැනුණා. 

ජීවිතක්ෂයට පත්වූ රියදුරාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරිමට නියමිතව ඇත්තේ අද (05) දිනයේදීයි.

දේහය දිගන නගරයට රැගෙන ඒමටයි පවුලේ ඥාතීන් ඇතුළු හිතවතුන් සූදානම් වී ඇත්තේ. ඒ සඳහා දිගන, තෙල්දෙණිය, උඩිස්පත්තුව, මැදමහනුවර ප‍්‍රදේශවාසීන්ද එක්වීමටයි නියමිතව සිටියේ. ඒ පිළිබඳ තොරතුරු වාර්තා වීමෙන් පසු දිගන නගරයේ පෙළපාලි යාම සහ කළබල කිරීම වළක්වමින් තහනම් නියෝගයක් ලබා ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. 

තත්ත්වය මෙසේ තිබියදී මොරගලමුල ප‍්‍රදේශයේ ගෑස් අලෙවි සැලකට කිසියම් පිරිසක් පහර දී ගිනි තබා ඇතැයි සඳහන්. ඒ අනුවයි තෙල්දෙණිය නගරය සහ ඒ ආශි‍්‍රත ප‍්‍රදේශවලට පොලිස් විශේෂ කාර්යය බලකාය සහ අතිරේක පොලිස් බලඇණි යෙදවීමට තීරණය කෙරුණේ.
 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply