container නාමල්ට ඇමරිකාව තහනම් වූයේ ඇයි? මෙන්න ඇත්ත... - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » නාමල්ට ඇමරිකාව තහනම් වූයේ ඇයි? මෙන්න ඇත්ත...


තමා රුසියාවේ සිට ඇමරිකාවට යාමට උත්සාහ කළ අවස්ථාවේ ඇමරිකානු බලධාරීන් ඊට ඉඩ නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ ප්‍රකාශකයෙකු ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට පවසා තිබේ.

ඔහු ඇමෙරිකාව බලා යෑමට සැරසී ඇත්තේ රුසියාවේ මොස්කව් නුවර සිටය. ඔහු මොස්කව් නුවරට ගොස් සිටියේ ඉකුත් 18 වැනිදා එරට පැවැති ජනාධිපතිවරණයේ ස්වාධීන නිරීක්ෂකයකු ලෙස කටයුතු කිරීමටය.

නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ නාමල්ට ඇමෙරිකාවට පැමිණීමට අවසර නොදෙන බව ඇමෙරිකා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්  දුන් බවය.  ඒ වනවිට නාමල් රාජපක්‍ෂ මහතා එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්,මොස්කව් සිට ඇමෙරිකාවේ හුස්ටන් බලා පිටත්ව යෑමට සූදානමින් සිට ඇත. තහනම පැනවුයේ ඇයිදැයි යන්න දෙපාර්තමේන්තුව පැහැදිලි කර නොමැති අතරම මොස්කව් නුවර ඇමෙරිකා තානාපති කාර්යාලය හෝකොළඹ ඇමෙරිකන් තානාපති කාර්යාලය හෝ මේ සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් කර නැත.කෙසේ වෙතත් ඇමෙරිකාවට යෑමට නාමල් රාජපක්ෂට වීසා බලපත්‍ර තිබූ බව ද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් නාමල් රාජපක්‍ෂ සටහනක් යොදා ඇත. එහි මෙසේ දැක්වේ.‘හුස්ටන් බලා යන එමින් ගුවන් යානයට ගොඩවීමට මට ඉඩ නොදෙන බව ඇමෙරිකාවේ බලධාරින් දැනුම් දී තිබෙනවා ඒ කුමන හේත්තුවක් නිසාදැයි තවම දැනගන්නට නෑ. මගේ නම නිසා හෝ රුසියානු ජනාධිපතිවරණයේ නිරික්ෂකයකු ලෙස මා මෙහි පැමිණීම නිසා හෝ ඔවුන් මට මෙවැනි තහංචියක් දැමුවා වෙන්න බෑ. කොහොම වුණත් තීරණයක් ගැනීමේ පරම අයිතිය ඔවුන්ට තිබෙනවා.‘

නාමල් රාජපක්‍ෂගේ ප්‍රකාශකයා පැවසුවේ ඔහු ආපසු ශ්‍රී ලංනොව බලා පිටත්වන බවත් මේ සම්බන්ධයෙන් ඔහු එහිදී ප්‍රකාශයක් කරනු ඇති බවත්ය.‘ශ්‍රී ලංකාවේ හිටපු නායකයාගේ පුතාව ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි‘ යනුවෙන් මේ පිළිබද විදෙස් මාධ්‍ය වාර්තාද පළව තිබෙන අතර රොයිටර් පුවත් එය වාර්තා කර තිබූ අයුරු පහතින්....


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply