Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » තැනින් තැන එජාපය දිනූ සොච්චම් බලයත් එක රැල්ලට පොහොට්ටුවට


 
 ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‌ෂය ජයග්‍රහණය කළ මීගමුව හා ගාල්ල මහ නගර සභා දෙක හා කටාන ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (23දා) සමත් විය.
 
 එමෙන්ම කිසිදු පක්‌ෂයකට බහුතර බලයක්‌ හිමි නොවූ කටුනායක සීදුව නගර සභාවේ බලය පිහිටුවීමට එජාපය සමත් වූ අතර මිනුවන්ගොඩ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට පොදුජන පෙරමුණ සමත් විය. 
 
 ගාල්ල හා මීගමුව මහ නගර සභාවලත්, මිනුවන්ගොඩ, කටුනායක සීදුව නගර සභාවලත්, කටාන ප්‍රාදේශීය සභාවේත් මංගල සභා රැස්‌වීම් ඊයේ පැවැත්වූ අතර එහිදී පැවැති රහස්‌ ඡන්ද විමසීම්වලදී නගරාධිපති හා සභාපති ධුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවුණි. 
 
 ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පොදුජන පෙරමුණෙන් ප්‍රියන්ත සහබන්දු මහතාත්. එක්‌සත් ජාතික පක්‌ෂයෙන් ජිලිත් නිශාන්ත මහතාත් ඉදිරිපත් වූහ. එහිදී පැවැති රහස්‌ ඡන්ද විමසීමේදී ප්‍රියන්ත සහබන්දු මහතා ඡන්ද 21 ක්‌ ලබා ජය ගත්තේය. එජාපයෙන් තරග ක ළ නිශාන්ත මහතාට හිමිවුණේ ඡන්ද 11 ක්‌ පමණි.
 
 පළාත් පාලන මැතිවරණයේදී ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රී ධුර 14 ක්‌ එජාපයටත්, 13 ක්‌ පොදුජන පෙරමුණටත් හිමිවූ අතර ශ්‍රීලනිපයට මන්ත්‍රී ධුර 03 ක්‌ද, ජවිපෙට 03 ක්‌ද එක්‌සත් ජාතික නිදහස්‌ පෙරමුණට ස්‌වාධීන කණ්‌ඩායමකට එක්‌ මන්ත්‍රී ධුරය බැගින් ද හිමි විය.
 
 මේ අතර මීගමුව මහ නගර සභාවේ නගරාධිපති ධුරයට දයාන් ලන්සා මහතා වැඩි ඡන්ද 06 ක්‌ ලබා ගනිමින් ඊයේ පැවැති රැස්‌වීමේදී තේරී පත් විය. 
 
 නගරාධිපති අපේක්‌ෂකයන් ලෙස පොදුජන පෙරමුණෙන් දයාන් ලංසා මහතාත්, එජාපයෙන් රොයිස්‌ ප්‍රනාන්දු මහතාත් ඉදිරිපත් වූ අතර ලංසා මහතාට එහිදී ඡන්ද 25 ක්‌ හිමි විය. රොයිස්‌ ප්‍රනාන්දු මහතාට හිමි වූයේ ඡන්ද 19 ක්‌ පමණි.
 
 දයාන් ලංසා මහතා දිනවීමට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හා ස්‌වාධීන මන්ත්‍රීවරුන් ඡන්ද ප්‍රකාශ කර ඇත.
 
 මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස මොහොමඩ් µරීස්‌ මහතා (ශ්‍රීලනිප) වැඩි ඡන්ද පහකින් තේරී පත් විය. එම තනතුරට තරග කළ මීගමුව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ලලිත් ඩෙන්සිල් මහතා පරාජයට පත් විය. 
 
 මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති සහ උප සභාපති පත් කර ගැනීම සඳහා බස්‌නාහිර පළාත් පාලන කොමසාරිස්‌ චන්ද්‍රdනි සමරකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23දා) මිනුවන්ගොඩ නගර සභා ශ්‍රවණාගාරයේ පැවති රහස්‌ ඡන්දයෙන් සහ විවෘත ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහෙට්‌ටුවට) ජය හිමි විය.
 
 පොදුජන පෙරමුණෙන් සභිකයන් 07 දෙනකු, එක්‌සත් ජාතික පක්‌ෂයෙන් සභිකයන් 05 දෙනකු, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් සභිකයන් දෙදෙනකුද, ජනතා විමුක්‌ති පෙරමුණෙන් එක්‌ සභිකයකුද බැගින් මිනුවන්ගොඩ නගර සභාවට තේරී පත් වී තිබිණි. පැවති රහස්‌ ඡන්දයෙන් සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එච්. කේ. එන්. නීල් ජයසේකර මහතා තේරී පත් වූ අතර පැවති විවෘත ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එස්‌. ඒ. එම්. ඒ. අතුල කුමාර මහතා උප සභාපති ලෙස තේරී පත් විය. ජනතා විමුක්‌ති පෙරමුණේ පද්මසිරි දොලමුල්ල මහතා ඡන්දය පාවිච්චි කළේ නැත. 
 
 මේ අතර කටාන ප්‍රාදේශීය සභාවේ බලයද පොදුජන පෙරමුණට හිමි වුණි. එහි සභාපති ධුරයට තරග කළ විඡේරත්න සිල්වා මහතා ඡන්ද 21 ක්‌ ලබා ගත් අතර එජාපයෙන් තරග කළ ලසන්ත දීපාල් මහතාට ලබාගත හැකිව ඇත්තේ ඡන්ද 11 ක්‌ පමණි.
 
 ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය හා ජවිපෙ ඡන්දය දීමෙන් වැළකී සිට ඇත. 
 
 කටුනායක සීදුව නගර සභාවේ සභාපති ලෙස සරත් පීරිස්‌ මහතා (එජාප) තේරී පත් විය. එහිදී පීරිස්‌ මහතා ඡන්ද 09 ක්‌ හිමි කරගත් අතර පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ ලලිත් රොහාන් මහතාට හිමිවූයේ ඡන්ද 08 ක්‌ පමණි. එහිදී පොදුජන පෙරමුණේ එක්‌ මන්ත්‍රීවරයකු හා ජවිපෙ මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටි ඇත.
 
 නගර සභාවේ උප නගරාධිපති ලෙස චමිත් නිශාන්ත මහතා (පොදුජන පෙරමුණ) තේරී පත් විය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply